24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    එන්නතෙන් පසු දින 2කට වැඩියෙන් උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය හේමන්ත හේරත්

    - Advertisement -
    Author(s): 
    සන්ධ්‍යා කරුණාරත්න

    කොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයකුට උණ ස්වභාවය දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    එන්නත ගැනීමෙන් පසු පැය 48ක් පමණ ගත වන තෙක් ඇඟපත වේදනාව, උණ, හිසරදය, හන්දි වේදනාව, බඩේ වේදනාව යනාදී රෝග ලක්ෂණ ඇති වන බවද ඒ මහතා පැවසුවේය.

    - Advertisement -

    කොවිඩ් එන්නත ගැනීමෙන් පසු මරණ දෙකක් වූ බවට වන ප්‍රචාරයේ සත්‍යතාවක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

    එන්නතක් ගත් පසු ඇති විය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද පවතින අතර සිදුව ඇතැයි කියන මරණ සම්බන්ධයෙන් ඒ අනුව විමර්ශන කෙරෙන බවත් ඒ මහතා කියා සිටියේය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.