- Advertisement -

ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාවණාදිය ඇල්ල ජල පෝෂක ප්රදේශයවන රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ (5) පස්වරුවේ හටගෙන තිබෙන ගින්න ඊයේ රාත්රි පුරා රක්ෂිතයේ වේගයෙන් පැතිර යාම නිසා මේ වන විට රක්ෂිතයේ අක්කර සියකට වඩා සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවී ඇති බව වාර්තා වේ.
අධික බෑවුම් සහ ගල්පර්වත විශාල ප්රමාණයක් ඇති මෙම රක්ෂිතයේ ගින්න පාලනය කිරීම මේ වන විට අසීරු කටයුත්තක් බව බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරන ඒකකයස දහන් කරයි. ගින්න අද (6) උදෑසන වන විටත් රක්ෂිතයේ වේගයෙන් පැතිර යමින් පවතින අතර මෙම රක්ෂිතය ශ්රී ලංකාවට ආවේණික වනසතුන්,පක්ෂීන් සහ සමනලුන් රැසක්ම ජීවිත් වන සංවේදී පරිසර පද්දතියකින් සමන්විත වේ.ගින්න පාලනය කර ගැනීම සඳහා අද දිනයේ ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට නියමිතව ඇත.
The post ඇල්ල රක්ෂිතයේ ගින්නෙන් අක්කර සීයකට වඩා විනාශයි. appeared first on Lanka News Column.
- Advertisement -