24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    වැල්ලවත්තේදී බීමත් රියදුරෙක් සිව් දෙනෙක් යට කරයි –අයෙක් මරුට

    - Advertisement -
    වැල්ලවත්ත, මුහුදු මාර්ගයේ, රාජසිංහ මාවත අසලදී අද (06) උදෑසන 5.45ට පමණ බීමත් රියදුරෙකු විසින් සිදුකර තිබූ රිය අනතුරු දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. 
     
    වැල්ලවත්ත ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකුව අනතුරට ලක්කර මෝටර් රථය නොනවත්වා ධාවනය කරඇති අතර එහිදී තවත් පුද්ගලයින් තිදෙනෙක් අනතුරට ලක්කර තිබුණි.
     
    ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
     
    මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම බීමත්ව සිට ඇති බව වාර්තා වේ.
     
    එමෙන්ම ඔවුන් කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසයි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.