24 C
Colombo
Sunday, April 11, 2021

එක්තරා පියෙක්

ගුණපාල වැඩිහිටි නිවාසයට ඇවිත් දැන් සෑහෙන කාලයක්. ඒ වයස අවුරුදු හැත්තෑව වෙනවාත් එක්කය. ආණ්ඩුවේ ලොකු රස්සාවක් කරන ලොකු පුතා එයාගේ වාහනයෙන්ම ඔහුත් එක්ක මේ...
More

    Latest Posts

    මොණරාගල DAG ඇපරල් විවෘත වෙයි

    - Advertisement -
    මොණරාගල DAG ඇඟලුම් කර්මාන්ත ශාලාව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ විවෘත විය.
     
    ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගම (DAG Apparel (Pvt) LTD) රුපියල් මිලියන 500ක මුදලක් ආයෝජනය කරමින් මෙම නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබේ.
     
    එමගින් නිර්මාණය වී ඇති සෘජු රැකියා අවස්ථා ගණන 600කි. තවත් 3000ක පිරිසකට වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇත. 
     
    නව ඇඟලුම් කර්මාන්ත ශාලාව ඔස්සේ නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට රුපියල් බිලියන 3.5ක ආදායමක් ලබා ගැනීම අපේක්ෂිතය.
     
    පීත්ත පටිය කපමින් නව ඇඟලුම් කර්මාන්ත ශාලාව විවෘත කළ අග්‍රාමාත්‍යතුමා, එහි නිෂ්පාදන කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළේය. 
     
    ඩී.ඒ.ජී ඇඟලුම් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගාමිණී කීර්තිරත්න, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්වන දිනුක ශ්‍රීමාල්, නිපුණ ගිත්මල්, ශානිකා කාරියවසම්, සුනෙත් ගයාෂාන් මහත්වරු අග්‍රාමාත්‍යතුමා සමඟ නව ඇඟලුම් කම්හලේ නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.