24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    WHOකොවැක්ස් පහසුකම යටතේ පිරිනැමෙන එන්නත් ශ්‍රී ලංකාවට

    - Advertisement -
    කොවිඩ් මර්දනය සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත සියයට 20ක එන්නත් ප්‍රමාණයෙන් කොටසක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් අද (07)  අලුයම 12.15 ට එමිරේට්ස් EK 2528 දරණ විශේෂ කාගෝ ගුවන්යානයෙන් මෙරටට රැගෙන එන ලදි. 
     
    යුනිසෙෆ් ආයතනය මගින් මිළදී ගනු ලැබූ එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා ශ්‍රී ලංකාවට ලබාදේ.
     
    ඒ අනුව ගෙන එනු ලැබූ එහි පළමු කොටස යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත එමා බ්‍රින්ගම් මහත්මිය විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අද දින නිල වශයෙන් බාරදෙන ලදි. 
     
    කොවැක්ස් පහසුකම හරහා ලැබෙන එන්නත් කොවිඩ් 19 සදහා අවදානම් ප්‍රදේශවල අවදානම් කාණ්ඩයට අයත්වන වයස අවුරුදු 60ට වැඩි ජනතාව වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුලු පිරිස අමතා පැවසුවාය.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කරගත් ගිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයාගේ නිෂ්පාදන ධාරිතාව අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් 2021 මැයි මස අවසානය දක්වා අදියරෙන් අදියර ලබාදෙනු ඇත. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, යුනිසෙෆ් ආයතනයේ නියෝජිත වෛද්‍ය සෆීනා ආර්බුල්ඩෝවා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග, ඉංදියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් බිජේන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය. 
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.