24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    උත්සව සමයේ පාරි­භෝ­ගික සේවා වැට­ලීම් දිග­ටම

    - Advertisement -
    3 අප්‍රේල්, 2021
    පාරි­භෝ­ගික අධි­කා­රියේ නිලධාරීන් වැටලීමකදී වෙ‍ෙළඳසලක ආහාර ද්‍රව්‍ය පරීක්ෂාකරමින්

    • චන්දිමා එදිරිමාන්න

     

    - Advertisement -

    කූට හා වංචනික වෙළෙඳුන් නිසා පාරිභෝගික ජනතාවට සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සහ ඇතිවිය හැකි ගැටලු මග හැර වීම අරමුණු කර ගනිමින් උදා වන සිංහල හා දමිළ අවුරුදු උත්සව සමය තුළ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත.

    උත්සව සමයේදී වට්ටම් තොග අවසන් කිරීමේ දීමනා ආදී විවිධ නම්වලින් මෙන් ම කල් ඉකුත් වූ හා භාවිතයට නුසුදුසු භාණ්ඩ රැසක් වෙළෙඳපොළට පැමිණෙන අතර, එවැනි දෑ පිළිබඳ ව දැඩි ව සොයා බලමින් නීතිය තදින් ම ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මාර්තු මස 15 වැනි දින සිට අප්‍රේල් මස 23 වැනි දින දක්වා මෙම විශේෂ වැඩපිළිවළ ක්‍රියාත්මක වේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලු විමර්ශන නිලධාරීන් සහභාගී කර ගනිමින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්හි විමර්ශන හා වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

    - Advertisement -

    ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ඇති ප්‍රධාන තොග අලෙවිසල් හා ගබඩා පරීක්ෂා කිරීම ද සහිතව වැටලීම් සිදු කෙරෙන අතර එලෙස තොග ගබඩා සහ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම මඟින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරන ලද යම් යම් භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට බලාපොරොත්තු වේ.

    තවද සිල්ලර වෙළෙඳසල් වැටලීම් සඳහා ද විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, උත්සව සමයේ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගැනීම් සිදු කරන ඇඳුම් පැළඳුම්, රසකැවිලි, කුළු බඩු, විදුලි උපකරණ හා අනෙකුත් භාණ්ඩ හා සේවාවන්හි ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් ව සිය විමර්ශන කටයුතු සිදු කරන ලෙසටද උපදෙස් ලබා දී ඇත.

    උත්සව සමයට සමගාමීව ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම්, ගෘහ උපකරණ, විදුලි උපකරණ වැනි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව වැඩි වශයෙන් පෙළඹෙන අතර ලාභය පමණක් පරමාර්ථ කරගත් අවස්ථාවාදී, කූට, වංචනික, වෙළෙඳුන් විවිධ උපක්‍රම භාවිත කර එකී පාරිභෝගික ජනතාව සූරාකෑමට ලක් කරන බව අවස්ථා ගණනාවකදීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිරීක්ෂණය කර තිබේ.

    - Advertisement -

    ජංගම වෙළෙඳුන් සහ සේල් වැනි වෙළෙඳ ක්‍රියාකාරකම් සම්බන්ධව ද විශේෂ අධීක්ෂණයක් සිදු කෙරෙන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තැබීම, භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීම ආදී දෑ සම්බන්ධව ද මේ වැඩපිළිවෙළ තුළ ප්‍රමුඛත්වයක් දක්වා ඇත.

    අදාළ භාණ්ඩ හා සේවා නියමිත මිලට වෙළෙඳසල් තුළ විකිණීම සිදුවෙන්නේ දැයි යන්න පිළිබඳව මෙහිදී විමර්ශන සිදු කෙරේ.

    තවද භාණ්ඩ මිල සඳහන් කර ප්‍රදර්ශනය කර විකිණීමෙන් පාරිභෝගික අයිතීන් වඩ වඩාත් සුරක්ෂිත කිරීමටත් එලෙස මිල ප්‍රදර්ශනය නොකර එකී භාණ්ඩ හා සේවා අලෙවි කරනු ලබන වෙළෙඳසල් සඳහා නීතිය තදින් ම ක්‍රියාත්මක කිරීමටත්, විශේෂ අවධානයක් යොමු ව තිබේ.ඇත.

    එම භාණ්ඩ හා සේවා පාරිභෝගික ජනතාව වෙත සැපයීමේදී විධිමත් බිල්පත් නිකුත් කිරීම මඟින් විධිමත් වෙළෙඳාමක් සිදුවන බවට විමසිලිමත් වීම හා ඒ හා සම්බන්ධ වැටලීම් සිදු කිරීම ද අධිකාරියේ විමර්ශන නිලධාරීන් මඟින් සිදු කෙරෙන අතර පාරිභෝගිකයන් නොමඟ යවන සුලු වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ද අවධානයක් යොමු කර තිබේ.

    මේ අතර මෙවැනි උත්සව සමයන්හිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නම භාවිත කරමින් එහි විමර්ශන නිළධාරීන් ලෙස පෙනී සිටින ඇතැම් කූට ජාවාරම්කරුවන් හා කණ්ඩායම් සුලබ වන බැවින් එවැනි වංචා වලට හසු නොවන ලෙස සමස්ත වෙළෙඳ ‍ප්‍රජාවම දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද දැන් ආරම්භ වී තිබේ. මේ අතර විශේෂ දැනුම් දීමක් සිදු කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන උත්සව සමය තුළ විවිධ වර්ගයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ වෙළෙඳපොළ අධ්‍යයනයක් සිදුකර හොඳ අවබෝධයකින් යුතුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.

    උත්සව සමයේ සිදුවන වෙළඳ විෂමාචාරයන් සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා 1977 ක්ෂණික දුරකතන ඇමතුම් අංකයට ඇමතුම් ලබා දෙන ලෙසද එම අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මෙම විශේෂ විමර්ෂණ හා වැටලීම් පිළිබදව සිළුමිණ සමඟ අදහස් දැක්වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කර සිටියේ වෙළෙදපොළ ගනුදෙනු සඳහා පාරිභෝගික ජනතාවට වඩා යහපත් පරිසරයක් ඇති කිරීමේ අරමුණින් පසුගිය උත්සව සමයන්හීදීද මෙම විමර්ශන හා වැටලීම් ඉතා සාර්ථක ලෙස සිදු කෙරුණ බවයි.

    2020 වසරේ සිංහල හා දමිළ අලුත් අවුරුදු සමය තුළදීද වැටලීම් 15923ක් සිදු කෙරුණු බවත් එහිදී නඩු පැවරීම් 14906 ක් සිදු කර රුපියල් ලක්ෂ 654 ක් දඩ මුදල් ලෙස අය කර ගත් බවත් සඳහන් කළ අසේල බණ්ඩාර සහල්, සීනි, පරිප්පු, ටින් මාළු, එළවළු, පලතුරු, කේක් හා රස කැවිලි, කුළු බඩු, ෆාම් ඔයිල්, බී ලූනු, රටඉඳි, මුහුණු ආවරණ, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ, විදුලි උපකරණ ආදී වෙළෙඳ කටයුතු සම්බන්ධව මෙම විමර්ශන, වැටලීම් හා නඩු පැවරීම් සිදු වුණු බවද සඳහන් කළේය.

    The article first published on silumina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.