පිළියන්දල නගර ක්රීඩා සමාජය සහ එම පුහුණු පාසලේ 2021 වසර සඳහා එක්වූ වයස අවුරුදු 10න් පහළ ක්රිකට් ක්රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර, විස්සයි20 සුහද ක්රිකට් තරගයක් පිළියන්දල නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්විණි.
එම තරගය ලකුණු 5කින් ජය ගැනීමට රතු පිලට සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් රතු පිල ලකුණු 90ක් රැස් කළ අතර, කළු කණ්ඩායමට රැස් කළ හැකි වූයේ ලකුණු 85ක් පමණි. පිළියන්දල නගර සභා සහ පුහුණු පාසලේ පුහුණුකරු ලෙස ශ්රියාන් චමින්ද මහතා කටයුතු කරයි.
රතු කණ්ඩායම – 90 (ඕවර 20) තිසුම් 43, උත්පල 17 (දහමි රන්දිල් 8/4, ගනීශ සොහාත් 11/3)
කළු කණ්ඩායම – 85/3 (ඕවර 20) ගනේශ නොදැවී 17, නෙතුල නොදැවී 14 (සොහාස් ඉන්සිත් 7/3, විහඟ 11/2)
මොරටුව ක්රීඩා – ඩිල්වින් මෙන්ඩිස්
The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆