24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    අෂාන් සිල්වා මහගස්තොට වාර්තාව අලුත් කරයි

    - Advertisement -

    නව තරග වාර්තාවක් සමඟ 87 වැනි මාගස්තොට කඳුතරණය මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියෙන් දක්ෂතම රියැදුරා ලෙස කුසලානය අත්කර ගැනීමට අෂාන් සිල්වා සමත් වෙද්දී දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි කුසලානය දිනාගැනීමට ඒරන් ගුණවර්ධන සමත් විය. නුවරඑළිය මහගස්තොට දී පසුගියදා තරගාවලිය පැවැත්විණි.

    අෂාන් සිල්වා තත්පර 31.699 කින් තරගය නිමා කරමින් නව තරග වාර්තාව තබමින් ඔහු විසින් 2008 වසරේදී තත්පර 32.946 කින් තැබූ වාර්තාව අභිබවා යෑමට සමත් විය. එසේ වුවත් ආනන්ද සම්පත් වීරසිංහ විසින් 2018 වසරේදි තබා තිබූ යතුරු පැදි වාර්තාව අභිබවා යෑමට නම් මෙතෙක් කිසිවකු සමත් නොවීම විශේෂ සිදුවීමකි.

    - Advertisement -

    තරගය අතරතුර අෂාන් සිල්වා ආසන්නට පැමිණීමට කිසිවකු සමත් නොවූ අතර, දෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුයේ එස්.එල්./ජී.ටී. තරග කාණ්ඩයෙන්ම තරග කළ දිනේෂ් ජයවර්ධනය.. ඔහු වාර්තා කළ කාලය තත්පර 34.013කි. තුන්වැනි හොඳම කාලය වාර්තා කිරිමට සමත් වුයේ නවීකරණය කරන ලද 1665සී.සී. ෆෝමියුලා තරග කාණ්ඩයෙන් තරග කළ නදීර ජිනසේනය. ඔහු වාර්තා කළ කාලය තත්පර 34.367කි.

    ඒරන් ගුණවර්ධන දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස කුසලාන දිනා ගත්තේ නවීකරණය කරන ලද 250සී.සී. තරග ඉසව්වෙන්ය. එම තරග ඉසව්වේ දෙවැන්නා වු ඒරන් ගුණවර්ධනට තරගය නිමා කිරීමට 34.957 කාලයක් වැය විය. ඒරන් හා ජේඩ්න් සොහොයුරන් අතර තරගක් තිබුණු අතර, ඔවුන්ට අභියෝග කිරිමට ද යතුරුපැදි කාණ්ඩයෙන් කිසිවකු සමත් නොවූහ. යතුරු පැදි කාණ්ඩයෙන් තෙවැනි හොඳම කාලය වාර්තා කි‍රිමට සමත් වුයේ ද ඒරන් ගුණවර්ධනය. ඔහු 600සී.සී. යතුරු පැදි කාණ්ඩයෙන් එම දක්ෂතාව පෙන්නුම් කළේය. තරගාවලියේ විශේෂත්වය වූයේ පැරණි මෝටර් රථ ධාවන තරග ඉසව්වකින් වර්ණවත් වීමය.

    මෝටර් රථ තරග ඉසව් 15 ක් හා යතුරු පැදි තරග ඉසව් 17 ක් තරගාවලියට ඇතුළත් වූ අතර, තරගකරුවන් 150 කට වැඩි පිරිසක් සහභාගි වූහ. කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය අංශ නිකුත් කළ නීතිරෙගුලාසිවලට අනුව සමස්ත තරගාවලිය නරඹන්නන්ට වසා දමා තිබිණි.

    - Advertisement -

    තුන්වැනි වරටත් මෙවර තරගාවලියට එස්.එල්.ටී. මෝබිටෙල් (SLT-MOBITEL) ප්‍රධාන අනුග්‍ර­ාහකත්වය ලැබී තිබිණි.

     

    ගීෂා මුණසිංහ

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.