24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කනිෂ්ඨ විවෘත ස්කොෂ් ශූරයා ඉල්හාම් ශූරිය යෙහානි

    - Advertisement -

    කොවිඩ් වසංගතයෙන් පසු පළමුවරට මෙරට පැවැති ජාතික ස්කොෂ් ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය වූ එස්එල්එස් කනිෂ්ඨ විවෘත ශූරතාවලියේ ශූරතාව දිනා ගැනීමට ඩී.එස්. සේනානායක විදුහලේ ඉල්හාම් අස්මන් සමත් විය. අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩයෙන් බාලක ශූරතාව ශුරතාව දිනා ගනිද්දී බාලිකා ශූරතාව විශාඛා විදුහලේ යෙහානි කුරුප්පු දිනා ගත්තාය.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් 225 දෙනකු සහභාගි වූ මේ තරගාවලියේ අවුරුදු 19න් පහළ බාලක තරග අංශයේ අනුශූරතාව ඩී.එස්.සේනානායක විදුහලේ නෙවිඳු ලක්මන් දිනා ගත් අතර, බාලිකා අනුශූරතාව විශාඛා විදුහලේ චනිත්මා සිනාලිට හිමි විය.

    - Advertisement -

    ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය විසින් සංවිධාන කරනු ලැබූ මේ තරගාවලිය දැඩි සෞඛ්‍ය නීතිරෙගුලාසි යටතේ පසුගියදා එස්එස්සී ස්කොෂ් ක්‍රීඩාගාරයේදී පැවැත්විණි.

    තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ලංකා බැංකුවේ භාණ්ඩාගාර අංශයේ සහකාර සාමාන්‍ය­ාධිකාරී රජිත් තුෂාන්ත මහතා සහභාගි වූ අතර, එම අංශයේ අමිල බොතේජු මහතා ගෞරවනීය අමුත්තකු ලෙස ඊට එක් විය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.