24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    අපිට අභියෝග වැඩියි

    - Advertisement -
    Rush හැදූ මහේෂ් මුණසිංහ දැන් කියන කතාව
    අප්‍රේල් 8, 2021

    පසුගියදා පැවති Slim Nelson ජනතා සම්මාන උලෙළේදී ජනප්‍රියම චිත්‍රපටය ලෙස අභඵඩ චිත්‍රපටය සම්මානයට පාත්‍රවිය. ඒත් සමඟ චිත්‍රපටය ජනප්‍රියද නැද්ද යන්න පිළිබඳ නැවත කතිකාවතක් සමාජයේ ගොඩනැඟෙමින් පවතියි. ඒ පිළිබඳව එහි අධ්‍යක්ෂ මහේෂ් මුණසිංහ සමඟ කළ කතාබහයි මේ.

    ලැබුණු ජනතා සම්මානයත් එක්ක නැවතත් ප්‍රශ්න “Rush” චිත්‍රපටිය ගැන හැමෝම කතා කරනවා නේද? 

    - Advertisement -

    ඔව්. නැවත වතාවක් හැමෝම චිත්‍රපටිය ගැන කතා කරනවා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

    චිත්‍රපටයට ජනතා සම්මානයක් බලාපොරොත්තුවෙන්ද හිටියේ?

    ඇත්තටම මම බලාපොරොත්තු වුණේ නැහැ. චිත්‍රපටිය තිරගත කරන කාල වකවානුව තුළ අපට සාමාජීය වශයෙන් ලොකු අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ජනාධිපතිවරණය සහ කාලගුණය පැත්තෙන් බලපෑම් ආවා. ක්ෂේත්‍රයේදීත් අභියෝගාත්මක දේවල්වලින් පස්සේ තමයි චිත්‍රපටය පෙන්වන්න පුළුවන් වුණේ. නවකයෙක් විදිහට එන අභියෝග තියෙනවා. නමුත් අපිට සාමාජීය වශයෙන් වෙන දේවල් තියෙනවා. ජනාධිපතිවරණයත් එක්ක හැමෝම ඒ ගැන අවධානයෙන් හිටියේ දවස් විසිනවයක් විතර එක දිගට වැස්සා. ඒ ගැටලු එක්ක පවා චිත්‍රපටය දවස් අනූ දෙකක් සිනමාශාලා අසූවක විතර තිරගත වුණා. ඒත් අපි බලාපොරොත්තු වුණු තරම චිත්‍රපටය ජනප්‍රිය වුණේ නැහැ.

    - Advertisement -

    ජනතා සම්මානයත් එක්ක සමහරු “Rush”  ජනප්‍රිය චිත්‍රපටයක් නෙමෙයි කියලා කියනවා?

    මම ඒක ප්‍රතික්ෂේප කරනවා. “Rush”  චිත්‍රපටය දැන් බලලා නැති අය එක්කෝ ටෙලිවිෂන් බලලා නැහැ. එහෙම නැත්තං චිත්‍රපටි බලලා නැහැ. චිත්‍රපටය එනකොට ඒකට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. චිත්‍රපටය ධාවන කාලයේදී සාමාජීය සහ කාලගුණික වශයෙන් වෙච්ච බලපෑම් එක්ක මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙලා තිබුණේ. ඒ වගේම මම අලුත් අධ්‍යක්ෂවරයෙක් නිසා ප්‍රේක්ෂක අවධානයත් අඩුවෙන් ලැබුණේ. චිත්‍රපටය තිරගත වෙලා කෙටි කාලයකින් රූපවාහිනියේ ප්‍රදර්ශනය කරනවා. ඒ ප්‍රදර්ශනය කරන්නේ කොරෝනා සමයේ. හරියට සිංහල අලුත් අවුරුදු දවසේ. මම චිත්‍රපටය විකාශය වුණාම රේටින්ග් එක අරගෙන බැලුවාම ලංකාවේ ප්‍රධාන නාළිකාවක සතියේ දවස් පහේ යන ටෙලිනාට්‍යයකට ලැබෙන රේටින්ග් එකක් තිබුණේ. නවයයි දශම ගාණක් රේටින්ග් එක. මේ වන විට චිත්‍රපටය හය වතාවක් විකාශය වුණා ටෙලිවිෂන් එකේ. මට හිතෙනවා ලංකාවේ මිලියන විසිතුනෙන් සැලකිය යුතු ප්‍රමාණයක් චිත්‍රපටිය බලලා ඇති කියලා.

    චිත්‍රපටයේ ගීතයක් ජනප්‍රිය වුණා නේද?

    - Advertisement -

    ඔව්. 2019 වසරේ තිරගත වුණු චිත්‍රපටවල ගීත වලට සාපේක්ෂව “ඈත පාවෙලා” ගිතය ජනප්‍රිය වුණා. ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් ඒක මේ වනවිට යූටියුබ් එකේ බලලා තියෙනවා. නිලාර් එන්. කාසිම්ගේ පද මාලාවත් එය ජනප්‍රිය වෙන්න හේතුවක් වෙන්නැති කියලා මම හිතනවා. චිත්‍රපටයේ ගීතයම ලක්ෂ හතළිස් නවයකට වැඩියෙන් බලලා තියෙනවා නම් චිත්‍රපටය ජනප්‍රිය නැහැ කියන්නත් බැහැ. චෝදනා එනවා. ඒත් ඒවා සතුටු සිතින් භාරගන්න මන කැමතියි.

    තරුණ අධ්‍යක්ෂවරයෙක් විදියට සිනමා ක්ෂේත්‍රය තුළ ඔබට තියෙන අභියෝග මොනාද? 

    ගොඩාක් අභියෝග තියෙනවා. සිනමාවේදී මම වගේ අලුත් කෙනෙක්ට ආයෝජනය කරලා චිත්‍රපටයක් හදන එකම අභියෝගයක්. නිෂ්පාදකයෙන් හොයා ගැනීමේ අපහසුතාව තියෙනවා. චිත්‍රපටි විසිපහක් තිහක් කරපු ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට පවා ලේසියෙන් නිෂ්පාදකයෙක් හොයාගන්න බැරි ගැටලුවක් තියෙනවා. අතළොස්සකට විතරයි හොඳ නිෂ්පාදකවරු මුණගැහෙන්නේ. ලෝකයේ හැදෙන සිනමාපට බලලා ප්‍රේක්ෂකයන් ලංකාවේ හදන සිනමාපට එක්ක සංසන්දනය කරනවා. විදේශ රටවල සිනමාව තියෙන තැන නෙමෙයි අපේ තියෙන්නේ. ඒ ළඟකට හෝ යන්න පුළුවන් නිර්මාණ කරන්න අපිට යම්කිසි මුදලක් ඕනේ. ලංකාවේ සිනමා ප්‍රේක්ෂකයෝ හරිම අඩු ප්‍රමාණයක් ඉන්නේ. ලක්ෂ 230කින් ලක්ෂ හතරකටත් වඩා අඩු ප්‍රමාණයක් දැන් හෝල් එකකට ගිහිල්ලා චිත්‍රපට බලන්නේ. 2019 ලක්ෂ හතරක ආසන්න ප්‍රමාණයක් බැලුවේ විජයබාකොල්ලය විතරයි. සුනිල් සර් වගේ නමක් තියෙන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණත් එපමණයි ප්‍රේක්ෂකයෝ නරඹලා තියෙන්නේ. චිත්‍රපට බෙදාහැරීමේදීත් ගැටලුවක් තියෙනවා. ඒ වගේම සිනමාශාලා වැහෙමින් පවතිනවා. කොරෝනා කාලයේ දී සිනමාශාලා තිහකට ආසන්න ප්‍රමාණයක් නඩත්තු කරන්න බැරුව වැහිලා තියෙනවා. ඒ වගේම නිරෝධාන නීති පනවද්දීත් වහපු සිනමාශාලා විවෘත කළේ අන්තිමටම. 20,000 කට ආසන්න මිනිස්සු ප්‍රමාණයක් සිනමාවේ රැකියා කරනවා. සිනමාව වැටුණොත් මේ සියල්ල වැටෙනවා. චිත්‍රපටයක් හැදුවම නිසි කාලයකදී චිත්‍රපටිය ප්‍රදර්ශණය කර ගන්න ලැබෙන්නේ නැහැ. චිත්‍රපටයක් හදලා වසර තුන හතරකින් පෙන්නුවම ඒ චිත්‍රපටය පෙන්නුවා ම ඒ චිත්‍රපටය අන්තර්ගත සියල්ලම පැරණි වෙලා. කාලීන කතා තේමාවක් නම් ඒක පරණ වෙලා. ඊටපස්සේ ඒවා බලන ප්‍රේක්ෂකයන්ම චිත්‍රපටවලට බනිනවා. මේ රටේ අලුත් අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් හදලා ඒ තුළ තියෙන සියලුම ප්‍රශ්න වලට මුහුණ දීලා හැම මාෆියා එකකින්ම බේරිලා චිත්‍රපටයක් තිරගත කර ගන්නවා කියන්නේ අක්කර ගාණක ලොකු ඉඩමක් තනියම සුද්ද කරලා තනියම බිල්ඩින් එකක් හදනවා වගේ වැඩක්. ඒ ගැන අභියෝග මට කිසිම ද්වේශයක් නැහැ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මගේ නිර්මාණ අගය කරනවා.

    ඉදිරි වැඩකටයුතු මොනවද?

    අලුත් චිත්‍රපටයක් කරන්න මේ වෙද්දි සූදානම් වෙනවා. තිරරචනාව කියැවීමේ කටයුතු මේ වෙද්දි කරන්නේ. කොරෝනා උවදුර එක්ක මුළු ලෝකයම දැන් නැවත නැඟී සිටින සංකල්පයේ නිර්මාණ හැදෙනවා

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.