24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කිලිනොච්චි ක්‍රීඩාංගණයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කෙරේ

    - Advertisement -

    කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිටා ඇති ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම සඳහා 2021 අයවැය ලේඛනයට ඇතුළත් කර ඇති බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී (ඊයේ) පැවසීය.

    මේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු ආරම්භ කිරිම සඳහා වසර 2011 ඔක්තෝබර් මාසයේ 11 වැනිදා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මඟින් ඉංජිනේරු සංස්ථාව වෙත ප්‍රදානය කර ඇති අතර, ඇස්තමේන්තුගත මුදල මුදල රුපියල් මිලියන 325ක් වන බවත් ඇමැතිවරයා කීවේය. 2011 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත ව්‍යාපෘතිය ප්‍රදානය කර තිබුණ ද, ඇති වූ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට ව්‍යාපෘතිය ප්‍රදානය කර ඇති බවත් වර්තමානයේ දී යුද හමුදාව මඟින් කොන්ත්‍රාත් කටයුතු සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    - Advertisement -

    එමෙන්ම මේ ක්‍රීඩාංගණය පළාත් මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස මීටර් 400 ධාවන පථයක්, පිහිනුම් තටාකයක්, ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක්, ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ද ඇතුළත් වන බවද ඒ සඳහා මේ වන විට රුපියල් මිලියන දෙසීය හැත්තෑ පහක් වැය කර ඇති බවද ඇමැතිවරයා පැවසීය. ඇමැති නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    මේ යටතේ ඇති ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඉදිකිරීම් ආරම්භ කිරීමට යාමේදී ඇති වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට නතර වී ඇති නමුත් ඒ සඳහා වෙනත් ඉඩමක් දිස්ත්‍රික් ලේකම් මඟින් වෙන් කිරීමට කටයුතු කර ඇති බව ඇමැතිවරයා පැවසීය.

    එමෙන්ම ජාතික යොවුන් සේනාංකය හරහා ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නායකත්ව පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද කිලිනොච්චියේ දරුවන්ගේ දක්ෂතාවයන් උරගා බලන ක්‍රීඩා මධ්‍යස්ථානයක් ලෙස ද මේ ක්‍රීඩාංගණය මේ වෙන විටත් භාවිත කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

    - Advertisement -

    ස්වර්ණා විජේකෝන්

    සහ සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.