24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    “කොඩි ගහ යට” රූගත කිරීම් ඇරඹෙයි

    - Advertisement -
    අප්‍රේල් 8, 2021

    කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ රූගත කිරීම් පසුගියදා කොළඹ හැටේවත්ත ආශ්‍රිත ප්‍රදේශයේදී ආරම්භ කර ඇත. ඈත පිටිසර ගමකින් කොළඹ රැකියාවකට පැමිණෙන තරුණයකු මුහුණදෙන ආන්දෝලනාත්මක සිදුවීම් සමුදායක් වටා මෙම ටෙලිනාට්‍ය ගලා යයි. එහි පළමු අදියරෙහි රූගත කිරීම් මේ දිනවල සිදු කරනු ලබයි.

    කොඩි ගහ යට 3 win force සමාගමෙහි පළමු වන නිෂ්පාදනයයි. කොඩි ගහ යට නිර්මාණය කරමින් ජගත් මනුවර්ණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙයි. දේශමාන්‍ය අනිල් බණ්ඩාර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නේද කොඩි ගහ යට නිෂ්පාදනය කරමිනි.

    - Advertisement -

    දිල්හානි ඒකනායක, සේවියර් කණිෂ්ක, තරින්දි ප්‍රනාන්දු, නදීෂා හේමමාලි, රන්දික ගුණතිලක, තිලක්ෂණී රත්නායක, නලින් ලුසේනා, දයාදේව එදිරිසිංහ , සුලෝචනා වීරසිංහ, සම්පත් ජයවීර, කළණ ගුණසේකර යන රංගන ශිල්පීන් “කොඩි ගහ යට” ටෙලිනාට්‍යයේ චරිත මවති.

    මෙහි සම අධ්‍යක්ෂණය ලසන්ත ප්‍රැන්සිස් ද තිර රචනය අරුණ ප්‍රේමරත්න ද කැමරාකරණය චින්තක සෝමකීර්ති ද සහාය අධ්‍යක්ෂණය ජයන්ත විජේරත්න ද සංගීතය විහඟ විජේසේකර ද දායකවන කොඩි ගහ යට වේශ නිරූපණය නාරද ධනංජි තොටගමුව විසිනි. සංඛ මල්වත්තගේ සංස්කරණයෙන් හැඩවන කොඩි ගහ යට කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ විසිනි. කොඩි ගහ යට නිෂ්පාදන කළමණාකරණය රාජා රණසිංහගෙනි. කොඩි ගහ යට ප්‍රචාරණ සැලසුම් red pen event විසිනි.

    - Advertisement -

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.