24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කෝටි 10ක් වටිනා ගංජා හේන් 10ක් වටලයි

    - Advertisement -

    සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ විශේෂ කාර්ය බළකා කඳවුරු 05ක නිලධාරීන් 60කින් සමන්විත විශේෂ කණ්ඩායමක් විසින් තණමල්විල, කොස්ලන්ද හා හම්බෙගමුව ප්‍රදේශවල සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 10ක් පමණ වටිනා ගංජා හේන් 10ක්, පැළ තවාන් දෙකක් හා එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

    05 සහ 06 දෙදින පුරා තණමල්විල, හම්බෙගමුව, ජූල්ආර, බළහරුව හා කොස්ලන්ද ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා සූරියවැව, උඩවලව, කහවත්ත, අම්බලන්තොට හා කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිලධාරීන් 60 දෙනකු සහභාගි වී තිබේ.

    - Advertisement -

    වැටලීමේදි තණමල්විල හා කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශ තුළ පවත්වාගෙන ගිය අක්කරයට වැඩි ප්‍රමාණයේ ගංජා හේන් 10ක් පැළ තවාන් දෙකක් හා එක් ගංජා හේනක වැඩ කරමින් සිටි 48 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් ගංජා හේන්වල වටිනාකම රුපියල් කෝටි 10කට වැඩි බවයි.

    නුවන් ජයසේකර – සූරියවැව විශේෂ

     

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.