24 C
Colombo
Sunday, April 11, 2021

Sex කියන්නේ Gender වලට ම ද?

Sex එහෙම නැත්තම් ස්ත්‍රිපුරුෂ බව කියලා කියන්නේ ජිව විද්‍යාත්මක දෙයකටයි. මෙය උපතින් ම හිමිවන දෙයක්. අනන්‍යතාවයක්.ලිංග භේදය ලෙසද මෙය දැක්විය හැක. දරුවෙක් ඉපදුන විට...
More

    Latest Posts

    දුආශාගෙන් ඕස්ට්‍රේලියාවේ දරුවන්ට රංගායතනයක්…

    - Advertisement -
    අප්‍රේල් 8, 2021

     

    ඔබට මතකද ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් පෙරේරාගේ පිටි කොටපන් නෝනේ ගීතය හරි හරියට නර්තනයෙන් හැඩ කළ ඒ රුවැත්තිය. ප්‍රසංග වේදීකාව සිය නර්තනයෙන් විචිත්‍රවත් කළ ඇය මේ වන විට ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ. තම උපන් හපන්කමින් ලොවක් මවිත කළ ඇය නමින් දුආශා පෙරේරා, දුආශා ‘ රංඟනී’ නමින් ඕස්ට්‍රේලියාවේ ‍රංගායතනයක් ආරම්භ කරලා. ඒ ගැන ඇය අපි එක්ක කිව්වේ මේ විදිහට.

    - Advertisement -

    2017 වසරේ මම ඕස්ට්‍රේලියාවට ආවම බෙරික් ශාඛ්‍යමුණි දහම්පාසලේ සිංහල ඒකකයේ නොයෙකුත් උත්සවවලට හා දහම්පාසලේ වැඩ කටයුතුවලට නර්තන තුළින් ස්වේච්ඡාවෙන්ම ලොකු වැඩ කොටසක් කළා. මගේ සේවය අවශ්‍ය තැන්වලදි මම එය ලබා දුන්නා. ඒ වෙනුවෙන් ලොකු කාලයක් කැප කළා. නර්තන පුහුණු කළා, නර්තන සඳහා අවශ්‍ය ඇඳුම් සකසා දීම වගේ හැම දේටම උදව් කළා. දහම් පාසලේ අතිරේක ගුරුවරියක් ලෙස වැඩකරන අතරතුර මම නැටුම් උගන්වපු දරුවෝ හා ඒ අයගේ දෙමාපියෝ වගේම අනෙකුත් ගුරුවරුන් මගෙන් ඉල්ලා හිටියා මගේම කලායතනයක් ආරම්භ කරන ලෙස. ඉතින් මටත් කැමැත්තක් ඇති වුණා. මොකද මම දන්න දේ, මගේ ඇගේ තියෙන දේ, මටත් හිතුණා කලායතනයක් ආරම්භ කළොත් හොඳයි කියලා. එහෙම තමයි ‘රංඟනී’ කලායතනය ආරම්භ වෙන්නේ. 2017 අග භාගයේදී රංගායතනය ආරම්භ කළා. දැනට අවුරුදු තුනක් පමණ වෙනවා රංගායතනය ආරම්භ කරලා. නමුත් ඒ කාලය තුළ කිසිම කෙනෙකුගෙන් රුපියලක් හෝ මා අරගෙන නෑ. නිරතුරුවම මම සම්බන්ධ වුණා වැඩවලදි. ඕස්ට්‍රේලියාවේ විවිධ ජාතින් ජීවත් වෙනවා. විවිධ සංස්කෘතීන් නියෝජනය කරමින් සංස්කෘතික සංවිධානය තිබෙනවා. ඒවායේ විවිධ උත්සව අවස්ථාවලදී මට හැකි අයුරින් මා මගේ දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ශාඛ්‍යමුණි සම්බුද්ධ විහාරයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේගෙන් වගේම මෙල්බර්න් කොන්සිල් ජෙනරාල් කාර්යාලයේ කොන්සිලර් කපිල ෆොන්සේකා හා එම මැතිනියගෙන් මට විශාල සහයෝගයක් හා ආශිර්වාදයක් ලැබෙනවා මේ කාර්යයයේදී.

     

    - Advertisement -

    දුආශා ඔබට බොහෝ දෙනාගෙන් මේ වැඩේට පැසසුම් ලැබුණලු නේද?

    ඕස්ට්‍රේලියාවේ බහුවිධ සංස්කෘතික ඇමති (multicultural minister) වගේම කේසිස් සිටි කවුන්සිලයේ නගරාධිපතිට සහා ජීවිතයේ මට ලැබුණ ලොකුම අවස්ථාව ඕස්ට්‍රේලියාවේ වර්තමාන අගමැති ස්කොට් මොරිසන් මහතාට සහ එම මැතිනියට නර්තන ඉදිරිපත් කරන්න මගේ රංගායතනයේ දරුවන්ට අවස්ථාව ලැබුණා.මෙය ශාඛ්‍යමුණි සම්බුද්ධ විහාරයට පැමිණි අවස්ථාවේ තමයි සිදුවුණේ. බෙනඩික් වලදී. ඉතින් ඒ දෙදෙනාම නර්තනය අගය කළා. ඒ වගේම එය ඕස්ට්‍රේලියාවේ සෙවන් නිව්ස් සහා හැමතැනම විකාශය වුණා. පැය 48ක කාලයක් ඇතුළත නර්තනය නිර්මාණය කරලා, දරුවන්ව පුහුණු කරලා, දරුවන්ගේ ඇඳුම් සකසලා, ඔවුන්ව මේක්ප් කරලා මේ සියලුම දේ කළා මේ කාලය තුළ. ඉතින් ඔවුන්ට හරිම පුදුමයි අපේ නර්තන විලාසයන් දැකලා. ඔහු බිම ඉදගෙන දරුවන් සමඟින් කතා කළා. ඔහු දරුවන්ගෙන් ඇහුවා කොහොමද අපිව ශ්‍රී ලාංකික ක්‍රමයට මේ තරම් උණුසුම් අයුරින් පිළිගත්තේ කියලා. ආයුබෝවන් කියන ආකාරය පවා ඔවුන් විමතියට පත් කළා.

     

    - Advertisement -

    ඔබ ඕස්ට්‍රේලියාවේ දී සම්මානයට පාත්‍ර වෙනවා?

    මේ සියලු ක්‍රියාවන් අගයමින් 2019 වසරේ දී ඕස්ට්‍රේලියාවේ ඩේ අවෝඩ් කියන සහතික පත්‍රය ලැබුණා. මෙහේ තියෙන බහුවිධ සංස්කෘතික සංවිධානවලින් ඒ අයගේ උත්සාව වලදී ඉදිරිපත් කළ නිර්මාණ වෙනුවෙන් එම සංවිධානවල නායකයන්ගෙන් හා ජනතාවගෙන් සම්මාන ලැබී තිබෙනවා.

     

    කොහොමද දරුවන් සමඟ ගත කරන කාලය?

    විදේශීය දරුවනුත් ඔබේ කලායතනයට සම්බන්ධ වෙලා ඉන්නවද?

    ඇත්තටම මම ගොඩක් ආසාවෙන් මෙහෙ දරුවන්ට උගන්වනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙහෙ දරුවන් හරිම ආසයි නර්තනය ඉගෙන ගන්න. ඒ අය ඕස්ට්‍රේලියාවේ උපන් දරුවන්. ඒ අයට සිංහල භාෂාව හොඳීන් කතාකළ නොහැකියි. නමුත් සෑහෙන උනන්දුවෙන් ආසාවෙන් ඉගෙනගන්නවා. ලොකු කුතුහලයක් තියෙනවා ඔවුන්ට. මේ රටට ඇවිත් අපේ සංස්කෘතිය මේ දරුවන් තුළින් ලෝකයට පෙන්වන්නට මතු පරපුරට දෙන්නට ලැබීම මා ලද ලොකුම ජයග්‍රහණයක්. මොකද මට ඉන්නේ පුතෙක්. දුවලා නෑ. මම හරිම ආදරෙයි දුවලට. ඉතින් මේ දරුවෝ එක්ක වැඩ කරද්දි මට ඒ අඩුවත් සම්පූර්ණ වෙනවා. දැනට විදේශීය දරුවන් නැහැ. ඔක්කොම ඉන්නේ මෙහෙ ජීවත් වන ශ්‍රී ලාංකික අය. ඉදිරියේදී ඒ සඳහා වැඩ පිළිවෙළක් යොදන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

     

    ලංකාවේ ඉදලා ඕස්ට්‍රේලියාවට ගිහින් මෙවැනි දෙයක් කිරීම කොහොමද දැනෙන්නේ?

    ඇත්තටම ලෝකේ කොතැනක හිටියත් කලාවට ආදරේ කරනවානම්, කලාව ඇඟ ඇතුළේ තියෙනවානම්, හදවතේ තියෙනවනම් ලෝකේ කොහෙ හිටියත් කලාව කරනවා. කවුරු මාර්ගයෙන් හෝ කලාකරුවා කියන කෙනා එළියට එනවා.

     

    දුආශාගේ ඊළග පියවර මොකද්ද?

    හැමෝටම සිහින හා බලාපොරොත්තු තියෙනවා.

    කලායතනයේ වැඩ වලදී අපිට බ්‍රිස්බ්‍රේන්වල ප්‍රසංගයකට යන්න අවස්ථාව ලැබී තියෙනවා. ඒ වගේම ඊළගට මගේ ලොකුම බලාපොරොත්තුව, සිහිනය මගේ ම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම. එය සිංහල හා ඉංග්‍රීසී භාෂා දෙකෙන්ම කරන්න බලාපොරොත්තු වනවා. ගිය අවුරුද්දේ මේ පවතින වසංගත තත්ත්වයත් එක්ක මං ගෙදරට වෙලා සිටි කාලයේ දී මට අවස්ථාව ලැබුණා මගේ නිර්මාණ සකස් කිරීමට. ඉතින් මේ අවුරුද්ද තුළ එය එළි දැක්වීම මගේ ඊළඟ සිහිනයයි.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.