24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    පරම්පරා තුනක් කලාවට දායාද කළ චිත්‍රපට නළුවා

    - Advertisement -
    ඩඩ්ලි වානගුරු (1924 – 2002)
    අප්‍රේල් 8, 2021
     
    1924 දෙසැම්බර් 16 වෙනිදා කොළඹ ග්‍රෑඩ්න්පාස් හී දොන් සැමුවෙල් ඩඩ්ලි වානගුරු උපත ලැබීය. ඔහුගේ පියා වූ දොන් මර්තෝලිස් වානගුරු දිවයිනේම සිටි කීර්තිමත් සිංහල වෛද්‍යවරයෙකි. ඔහු හෝකන්දර පාරම්පාරික වෙද පවුලක ඉපිද කොළඹ ආයුර්වේද විද්‍යාලයෙන් වෙදකම ඉගෙන එහි උගන්වා කැඩුම්, බිඳුම් වෙදකමේ විශේෂඥයකු වූයේය. 

     

    ඩඩ්ලිගේ මව වුයේ රොසලින් පෙරේරා නම් ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ කාන්තාවකි. නානායක්කාර පතිරාජගේ රොසලින් පෙරේරා, මෙරට කීර්තිමත්, දේශපාලනඥයකු, මුදල් ඇමති හා ලංකා සමසමාජ පක්ෂයේ නායක නානායක්කාර පතිරණ මාටින් පෙරේරා ගේ (ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ කිට්ටුම ඥාතිවරයකි.)

     

    - Advertisement -

    “කෝ මේ ගෙදර කවුරුවත් නැද්ද?”

    “ආච්චි ඉන්නවා. දැන් පොඩ්ඩකට ගමනක් ගිහිල්ලා.”

     

    - Advertisement -

    “එහෙනම්’ ශිරෝමාලා, මම ඇවිත් තියෙන්නේ නැකත් වෙලාවක නේ. මාලා, අද ඔයාගේ උපන් දිනය නිසා එන්න මගේ ගාණෙ චිත්‍රපටියක් බලන්න යන්න.

    “බොහොම කනාගාටුයි.මහත්මයා අපේ නාට්‍ය සමාගමේ ප්‍රධානියා අපි සේවිකාවෝ.

    “නැහැ. නැහැ.. මාලා මට තියෙන්නේ පෙම්වතෙක් පෙම්විතියකට ඇති ආදරයක්. මෙසේ කියමින් හුන්ස්නෙන් නැගිට කළමණාකරු සිරෝමාලා වැලඳගන්නට තැත් කළේය. මාලා, ගිනි පුළිඟු විහිදෙන නුවන් යුවලින් ඔහු දෙස කෝප දීප්ත බැල්මක් හෙළමින් ග්‍රහණයෙන් මිදෙන්නට පොර බද්දදී් දක්නට ලැබුණේ තම නාත්‍ය සමාගමට අලුතින් බැඳුණු නවක ගායක කිත්සිරිය.

    - Advertisement -

    “ඔහෝ, මැනේජර් අලුත් නාට්‍යයක් පුරුදු වෙනවා. වාගේයි. නම්බුපිටින් යනවා එළියටය.”

    ගත වූ විනාඩි ගණනකි. කිත්සිරි හා කළමනාකරු වෙඩි කෑ කොටින් මෙන් බිහිසුණු සටනක යෙදී සිටියහ. තවත් අවස්ථාවක කිත්සිරි අසල වූ පිත්තල බඳුනක් ගෙන කළමනාකරුට දමා ගැසීය. මාලා හදිසියේ පෙරට පැන්න බැවින් එය වේගයෙන් ගොස් හැපුණේ මාලාගේ හිසෙහිය. හිසින් ලේ උතුරවමින් එතැනම විසඥාව ඇඳ වැටුණාය. කළමනාකරු මොහොතකින් අතුරුදන් විය.

    හරියටම මීට වසර 65 එපිට එනම් 1956 තිරගත වූ බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘දෛව විපාකය’චිත්‍රපටයේ එදා සිටි පේ‍්‍රක්ෂකයින් ගේ හද සසල කළ දර්ශනයකි. එහි නාට්‍ය කලා පීඨයේ කළමණාකරු හැටියට රඟපෑවේ ඩඩ්ලි වානගුරුය. සිරෝමාලා ලෙස මේබල් බිලයික් ද කිත්සිරි ලෙස සේනාධීර කුරුප්පුත් රඟපෑහ. එදා ඩඩ්ලි රඟපෑවේ දුෂ්ට චරිතයකි.

    කවුද ඩඩ්ලි වානගුරු?

    1957 ජූලි 15 වෙනි සඳුදා පළ වූ ‘ලංකා චලන චිත්‍ර” නම් එකල තිබූ චිත්‍රපට සඟරාවේ සංස්කාරක සෝමපාල රණවීරයන් ඩඩ්ලි වානගුරු දැක තිබුණේ මේ ආකාරයෙනි.

    “බැලූ බැලූවන් විශ්මයට පත් කරන ප්‍රතාවත් දේහයකින් යුත් – උස මහත යෝධ සිංහල නළුවෙක් ගැන අසන්නනෙකුට එකවරම හඳුන්වා දිය හැකි නළුවෙකි. ඩඩ්ලි වානගුරු. අපේ බොහෝ සිංහල නළුවන් සිතින් සිරුරින් හා මුදු බවින් සැදුණවුන් හෙයින් කාය බලැති නළුවක් දැකීම අපට තරමක් අපහසු කරුණකි. එහෙත්, ඒ අඩු පාඩුව සම්පුර්ණයෙන්ම නැති කර දමන ඩඩ්ලි සිංහල නළුවන් අතුරින් මහා කාය කල සම්පන්න පුද්ගලයා ලෙස කැපී පෙනෙන බව කීමට මම ආඩම්බර වෙමි.”

    ඩඩ්ලි තම ජීවිත සිනමාවේ චරිත කිහිපයක් රඟපා ඇත. වරෙක පොලිස් ඉන්ස්පැක්ටර්වරයකු ලෙස වෘත්තිය ඇරඹු ඔහු ගුරුවෘත්තියෙහි දී යෙදී, එතැනින් චිත්‍රපට නළුවෙකු ලෙස ද, සිනමාහල් කළමනාකාරුවකු ලෙස ද සිලෝන් තිස්ටර්ස් සමාගමේ සිනමාහල් භාරව සිටි විධායක නිලධාරියෙක් ද ලෙස ද රාජකාරි කොට ඇත.

    ඩඩ්ලි ගැන මුල්වරට ඔහුගේ වගතුග හෙළි කළ සෝමාපාල රණවීරයන් 1957 දී ‘ලංකා චලන චිත්‍ර’ සඟරාවේ 8 සහ 9 (මැදපිටුවේ) පළ වූ “නළු නිළියන්ගේ තොරුතුරු” විශේෂාංගය ලියන විට තම පුද්ගලික තොරතුරක් මෙසේ දක්වයි.

    “මා ඉගෙන ගන්නා කාලයේ ඩඩ්ලි වානගුරු සිටියේ ඉංගී‍්‍රසි ගුරුවරයෙක් වශයෙනි. මා ඉංගී‍්‍රසි ජ්‍යෙෂ්ඨය සඳහා ඉගෙන ගන්නා කාලයේ ඔහුගෙන් ඉගෙන සමත් වූ බව මතක් කරන්නේ ඔහුට කෙළෙහි ගුණ සැලකීමක් ලෙසය. මේ තරම් ශුර ලෙස ඉංගී‍්‍රසි උගන්වන මෙන්ම ලස්සන දක්ෂ ගුරුවරයෙක් මට හමුව නැත.”

    ඩඩ්ලි සිනමාවට එක්වන 1952 වසරේදී පමණ මරදානේ ටවර් නාට්‍ය ශාලාවේ කළමනාකරු ලෙස කටයුතු කළේය. දිනක් “අසෝකමාලා” චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශාන්ති කුමාර් සෙනෙවිරත්න නෘත්‍යයක් එහි නැරඹීමට පැමිණි අතර, කඩවසම්, ප්‍රංශු දේහධාරි තරුණයෙක් කාර්යශූර ලෙස පරිපාලන කටයුතු දෙස විමසිල්ලෙන් බලා සිටියේය. තමා අසලින් යන තරුණයාට කතා කළේය.

    “සැඟවුණු මැණික” චිත්‍රපටයෙන්

    ‘මිස්ටර් ද? මෙහි මැනේජර්?”

    “එහෙමයි මහත්මයා.”

    “මම ශාන්ති කුමාර්…”

    “මා හැඳින හිටියා. අසෝකමාලා චිත්‍රපටයේ සාලියගේ පාට් එක මම දැකලා පැහැදිලා හිටියා. ඔබට මේ ශාලාවේ පරිපාලනයේ අඩු පාඩුවක් දැක්කද? නොපමාව කියන්න.

    “නැහැ…නැහැ… ඒවා ඉස්තරම්. ඔබ කැමති නැද්ද මගේ ඊළඟ චිත්‍රපටයේ රඟාපාන්න.”

    “අවස්ථාවක් ලැබුණොත් සලකා බලන්න පුළුවන්.”

    මේ කතා බහෙන් පසු ඩඩ්ලිට ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ ‘එදා රෑ” 1953 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය චන්ද්‍රා ලෙස රඟපෑ සීතා ජයවර්ධනගේ සොහොයුරා ලෙස රඟපෑමට අවස්ථාව ලැබිණි.

    එතැන් සිට ඩඩ්ලි චිත්‍රපට කිහිපයක රඟපා ඇත්තේ රැකියාවක්, රඟපෑමක් සමබර කරමිනි. හරියට රැවුලත්, කැඳත් දෙක බේරා ගෙනය. දෛව විපාකය (1956) දස්කම (1959), ගැහැනු ගැට, හදිසි විවාහය (1959) නළඟන,(1960) “ජීවිත පූජාව (1961), පටාචාරා (1964) සේයාවක් පසු පස (1966), චිත්‍රපටිවල රඟපෑ ඩඩ්ලිගේ සිනමා ජීවිතයේ තවත් පැත්තක් සනිටුහන් කරන්නේ 1967 වසෙර්ය. ඔහු මුල්වරට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු කතාවේ ද, දෙබස්, හා තිර රචනය කළ “සැඟවෙන මැණික” චිත්‍රපටයෙන් ඔබ හමුවට ආවේය. ඉන්පසු ද “සමනල කුමරියෝ සමඟ අපි කවදත් සුරයෝ (1971) දාහකින් එකෙක් (1973) හාරත හතර (1976) “මගේ නංගීි ශ්‍යාමා” (1975), උන්නත් දාහයි මළත් දාහයි (1976) හිතුවොත් හිතුවාමයි (1977) චණ්ඩි ශ්‍යාමා (1982) හලෝ ශ්‍යමා (1982) චිත්‍රපට වල රඟ පෑ ඩඩ්ලි 1980 දී එංගලන්තයට පදිංචියට ගිය අතර පසුව ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළේ ද රැකියාව කර ඇත.

    1924 දෙසැම්බර් 16 වෙනිදා කොළඹ ග්‍රෑඩ්න්පාස් හී දොන් සැමුවෙල් ඩඩ්ලි වානගුරු උපත ලැබීය. ඔහුගේ පියා වූ දොන් මර්තෝලිස් වානගුරු දිවයිනේම සිටි කීර්තිමත් සිංහල වෛද්‍යවරයෙකි. ඔහු හෝකන්දර පාරම්පාරික වෙද පවුලක ඉපිද කොළඹ ආයුර්වේද විද්‍යාලයෙන් වෙදකම ඉගෙන එහි උගන්වා කැඩුම්, බිඳුම් වෙදකමේ විශේෂඥයකු වූයේය.

    ඩඩ්ලිගේ මව වුයේ රොසලින් පෙරේරා නම් ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ කාන්තාවකි. නානායක්කාර පතිරාජගේ රොසලින් පෙරේරා, මෙරට කීර්තිමත්, දේශපාලනඥයකු, මුදල් ඇමති හා ලංකා සමසමාජ පක්ෂයේ නායක නානායක්කාර පතිරණ මාටින් පෙරේරා ගේ (ආචාර්ය ඇන්.ඇම්.පෙරේරාගේ කිට්ටුම ඥාතිවරයකි.)

    ඩඩ්ලි වානගුරු ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජොසප් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ලන්ඩන් ඉංගී‍්‍රසි මැටුක්‍යුලේෂන් විභාගයෙන් උසස් ලෙස සමත්ව මුලින්ම ඉංගී‍්‍රසි උප ගුරුවරයකු ලෙස පත්වීමක් ලබා ඇත. ඉන්පසු ලංකා පොලිස් සේවයට බැදි පොලිස් පරීක්ෂකවරයෙකුව සිටින කාලයේ සිනමාවට තිබූ ඇල්ම නිසා ටවර් නෘත්‍ය ශාලාවේ කළමණාකාර ධුරයට තෝරා ගත්තේය.

    මරදාන වැනි පරිසරයක චණ්ඩියන්, මංකොල්ලකාරයන්, ගණිකාවන්ගෙන් නෘත්‍ය නැරඹීමට හැකි ලෙස පරිපාලනයකින් යුතු පරිසරයක් ඇති කිරීම ඩඩ්ලි සමත් විය. එහි දී ඔහුට ආනන්දයේ දී ලත් ක්‍රීඩා කෞල්‍යය (බොක්සිං, පාපන්දු, කැඩෙටින්) මොනවට උපකාරී වූ බව පවසා තිබුණි. ඩඩ්ලිට, ජයශාන්ත, නන්දාවතී, චන්ද්‍රවතී, නම් සහෝදර සහෝදරියන් තිදෙනකු වූහ.

    ඔහු බැතිමත් බෞද්ධයෙකු විය. එය තම පියා, මවගෙන්ම ආනන්දයෙන් ලත් ආභාසයකි. තම ජීවිතයේ පැවැත්මට එය අතිශයින් ප්‍රයෝනවත් වූ බව ඔහු “ලංකා චලන චිත්‍ර” සඟරාවට කියා ඇත.

    මේ ලියුම්කරු ඩඩ්ලි වනගුරු මුල්වරට දැක ගත්තේ “දෛව විපාකය.” චිත්‍රපට තිරගත වී තිබුණු 1956 වසරේදීය. එදා නව හැවිරිදි වියේ සිටි මා, අප පදිංචි කොස්ගස් හන්දියේ (පසුව ඉඳි කෙරුණු) ‘ජෙසීමා” සිනමා හලට යාබද ඩඩ්ලි තම පියා වූ වානගුරු වෙද මහතාගේ බෙහෙත් ශාලාවට යන එන අවස්ථාවලය. වානගුරු වෙද මහතා ලංකා ආයුර්වේද විද්‍යාලයේ කථිකාවරයෙකු සිටි ම කැඩුම් බිඳුම් වෙදකම ද කරගෙන ගිය බව මගේ පියාට කාටදෝ කියනු ඇසී තිබුණි. ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, කොල්ලුපිටිය ෆ්‍රයිස් පාක්, මරදාන, වැල්ලවත්ත, ආදි ප්‍රදේශවල එදා තිබු පාපන්දු සාමජවල දක්ෂ පාපන්දු කී‍්‍රඩකයෝ කකුල් වල ඇති තැලීම්, උලුක්කු, කෙණ්ඩජ පෙරලීම්, බෙහෙත් පත්තු, තෙල් සාත්තු වලට ද බෙහෙත් ගැනීමට වනාගුරු වෙද මහතා සොයා ආ හැටි මට මතකය. ඊට අමතරව කැඩුම් බැඳුම් සහිත බාල, යොවුන්, වැඩිහිටියන්, ඉක්මනින් සුව කර ගැනීම එහි පැමිණෙනු දක්නට ලැබිණි.

    “අනේ වෙද මහත්තයෝ මගේ කකුලට මොනව හරි කරන්න. හෙට අපේ පුට් බෝල් ෆයිනල්ස් (අවසාන) මැච් එක. එම ඔබතුමා අතින් තෙල් සාත්තුවක් කරන්න. අත තිබ්බත් ඇති. ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකේ කීයූ බව තාත්තා වැඩිහිටියෙකුට කියනු මා අසා තිබේ. “වානගුරු වෙද මහත්තයා විස්මකර්ම රාජකීය වෙදෙක්” බොහෝ දෙනා කියනු මා අසා තිබුණි.

    ඩඩ්ලි වානගුරු විවාහ වුයේ මහර උපන් ඉන්දාණි දිසානායක නම් ඉතාමත් රූමත් (චිත්‍රපට නිළියක් තරම්ම) තරුණියක් සමඟය. ඩඩ්ලි ඉන්දාණි යුවලට දු පුතුන් හය දෙනෙකි. උපේන්ද්‍රා, ලක්ෂමන්, (ලකී වානගුරු නම් ඔහු වානරයෝ, කෝකිලයෝ, සැඟවුණු මැණික ආදී චිත්‍රපට කිහිපයක රඟපෑවේය.) මානෙල් (සම්මානනීය නිළි) තිස්ස, නිහාල්, තමරා, රොහාන් මෙ ්පිරිසය. ඩඩ්ලි කඩවසම්, රූමත්, තරුණයකු නිසා දෝ බිරිඳ ඉන්ද්‍රාණී තම සැමියා චිත්‍රපටවල රඟපානවාට මුල දී අකැමති වී ඇති බව ‘ලංකා චලන චිත්‍ර” සඟරාවේ පළ වී තිබුණි.

    පියාගේ අඩි පාරේ යමින් මානෙල් චිත්තාමණී වානගුරු චිත්‍රපට රඟපෑමට එක්ව ඇත්තේ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ ‘වනලිය’ (1958) ළමා චරිතයකිනි. චිත්‍රපටයේ වනලිය ලෙස රඟ පෑ ෂර්ලි බිලියන් දඟකාර ළමා කාලය නිරූපණය කරමිනි. ඉන්පසු ඇය බී.එ්.ඩබ්ලියු ගේ ‘සසර දුක’ නාට්‍යයේ ආබාධිත ළමයකු ලෙස ද, තම පියා අධ්‍යක්ෂණය කළ ‘සැඟවුණු මැණික’ චිත්‍රපටයේ තරුණ ගුරුවරියක් ලෙස ද රඟපෑවාය. 1973වසරේ මිල්ටන් ජයවර්ධනගේ ‘සදහටම ඔබ මගේ” චිත්‍රපටයෙන් සිනාමවට පුර්ණ කාලීනව එක් වූ ඇය ඒ වන විට සිටි මහාරාජා සංවිධානයේ පෞද්ගලික ලේකම්වරියගේ රැකියාවට සමු දී කස්තුරි සුවඳ , නිල්ල සොයා, ආශා දෑසින්, ඇතුළු ජනපි‍්‍රය චිත්‍රපටවල විවිධ, සංකීර්ණ චරිත රඟපෑවාය. ඇය පසුගිය සුමති සම්මාන උළෙලදී ජීවිතයේ එකවරක් පිදෙන යු.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

    වානගුරු තුන්වන පරපුරක් කලා ලෝකයට එක්ව සිටිති. මානෙල් හා සැමියා වූ ආනන්ද වික්‍රමගේ පුතුන් ජනපි‍්‍රය වූ යොවුන් ටෙලි නාට්‍ය නළුවන් වූ ජනිත් අභිෂේක් වික්‍රමගේ හා සංකේත් අභිලාෂ් වික්‍රමගේත්ය.

    තම කලා ජිවිතයේ ඩඩ්ලි වනාගුරු රඟපෑවේ එක නාට්‍යයක පමණි. බී.ඒ.ඩබ්ලිව් ගේ ‘සසර දුක’ ඒ නාට්‍යයයි.

    ඩඩ්ලි වානගුරු එංගලන්තයේ දී 2002 අපේ‍්‍රල් 03 වෙනිදා මියයන විට ඔහු වයස අවුරුදු 88 පසු කරමින් සිටියේය.

     

     

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.