24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    පාම් ඔයිල් ආනයනික බද්ද වැඩි කර පොල්තෙල් බද්ද අඩු කළ නිසා විෂ පොල්තෙල් මතයක් ගොඩනැඟුවා

    - Advertisement -

    ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

    පාම් ඔයිල් ආනයනික බද්ද වැඩි කර, පොල් තෙල් බද්ද අඩු කළ බැවින් පොල්තෙල්වල විෂ කාරක තිබෙන බ වට මතවාදයක් ගොඩනැඟීමට උත්සාහ දරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (6) ප්‍රකාශ කළේය.

    - Advertisement -

    පාම් ඔයිල් පැත්තේ නොව, ස්වදේශික පැත්තේ හිටගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විශේෂ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

    එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

    - Advertisement -

    මෙරට පොල් සංවර්ධන අධිකාරිය දෙන තොරතුරු අනුව පොල්තෙල් වාර්ෂිකව මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසක අවශ්‍යතාවක් තිබෙනවා. ගෘහස්ත පරිභෝජනය සඳහා මෙට්‍රික් ටොන් 90, 000ක් පමණද, කර්මාන්ත සඳහා මෙට්‍රික් ටොන් 90, 000ක් පමණද අවශ්‍යයි. මෙරට පොල් තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා සෑම වර්ෂයකදීම පොල්තෙල් මෙරටට ආනයනය කර තිබෙනවා ඔබ තුමන්ලා රජය භාරගත්තු කාලේ පොල්තෙල් ආනයනය කර තිබෙනවා. 2015 දී මෙට්‍රික් ටොන් 52, 790ක්, 2016 දී 48, 805ක්, 2017 දී 12, 784ක්, 2018 දී 10, 913ක්, 2019 දීමෙට්‍රික් ටොන් 14, 648ක් ආනයනය කර තිබෙනවා. ඒ ඇතැම් අවුරුදුවලදී පොල්තෙල් ආනයනය අඩු වෙලා තිබෙන්නේ ෆාම් ඔයිල් ආනයනයට වැඩි ඉඩ ප්‍රස්තාවක් දී තිබෙන නිසයි . පොල් තෙල් වෙනුවට ලංකාවට වැඩි වශයෙන් ෆාම් ඔයිල් ආනයනය කර තියෙනවා. එහෙම වෙන කොට අපේ රටේ පොල් නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. ඒ අනුව පොල්ගෙඩි මිලියන 2, 500ත් 3, 000ත් අතර ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වී තිබෙන්නේ.

    එවිට පොල්තෙල් ආනයනය වැඩි වී තිබෙනවා. 2014 රජය කාලයේ මෙටි‍්‍රක් ටොන් 1, 025යි ගෙනත් තියෙන්නේ. ඔබ තුමන්ලගේ රජය කාලයේ ඒ කියන්නේ 2018 දී මෙට්‍රික් ටොන් 9, 921 යි. ඒ කියන්නේ සියයට 867 ක වැඩිවීමක්.

    වසර 2016 දී එවකට පැවැති රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කලවම් කරපු තෙල් පිළිබඳ විධිවිධාන ඇතුළත් කර නීතිමය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා. පසුව අප ඒ ගැසට් නිවේදනය අවලංගු කළා. ඒ වගේම ඊයේ දින සිට අපි පාම් ඔයිල් ගෙන්වන එක අවලංගු කළා. ඒ වගේම මෙරට කටුපොල් පරිසරයට හානිදායකයි. නමුත් පසුගිය රජය කටුපොල් වගා කරන්න පැළ ගෙනත් ගබඩා කර තිබුණා. කටුපොල් වගාව නවත්වන්න ජනාධිපති තුමා පැහැදිලි තීරණයක් ගත්තා.

    - Advertisement -

    ඊළඟට වරාය තුළ ආහාර සුපරීක්ෂණය කරන ආයතන දෙකක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ නියාමන ඒකකය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන ආයතන දෙකයි. රටට නුසුදුසු බාණ්ඩ ආපුවහම ඒ භාණ්ඩ ප්‍රතිඅපනයනය කරන්න ක්‍රියා කරනවා. මේ දිනවල ටින් මාළු විශාල තොගයක් මෙලෙස ප්‍රතිඅපනයනය කරනවා. පකිස්තානයෙන් ගෙනාපු සහල් තොගයක් මෙහෙම ප්‍රතිඅපනයනය කළා. රාජ්‍ය සන්තක කරන්න පුළුවන්. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වාට පසුව ඒ ආනයනය කරන භාණ්ඩ ඔවුනගේ ගුදම්වලට මුදා හරිනවා. මොකද ඒ ගබඩා කරන ගුදම් රේගුව සතුව නෑ. කොන්දේසි යටතේ ඒ ගබඩාවලට යවන එකයි කර තිබෙන්නේ.

    සමාගම් තුනක් ගෙන්වපු ඒ පොල්තෙල් පරීක්ෂා කර ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශයට යවා ඒ වගකීම ඉෂ්ට කර තිබෙනවා. තමන්ගේ භාණ්ඩයක් ප්‍රතික්ෂේප වූ විට පසුව ඒ සමාගම්වලට අභියාචනා කරන්න අයිතියක් තිබෙනවා.

    නැවත පරීක්ෂා කරන තෙක් දඹුල්ලේ ඒ පාරම්පරික තෙල් නිෂ්පාදනය කරන මහත්තුරු කිහිප දෙනෙක් ප්‍රකාශයක් කළේ මේ ගබඩාවල තිබෙන වස සහිත තෙල් රට පුරා යවා තිබෙනවා කියායි. ඒක සාවද්‍ය ප්‍රකාශයක්. මේවා අයිටීඅයි ආයතනය ලවා පරීක්ෂා කර බලා තිබුණා. එහිදි හානිකර මට්ටමට නෑ කියා, ඒ වාර්තාවත් ලබා දී තිබුණා. මේ පොල්තෙල් ගෙනාවේ අර සීනි ගෙනාපු සමාගම කියන එකත් අසත්‍යයක්. ඒ වගේම කියන්න ඕනෑ දේශීය නිෂ්පාදන කඩා වැට්ටීම අනුමත කරන්න බෑ. මේ රටට භාණ්ඩ ආනයනය කරන්නේ ආනයනකරුවන්. රජය නොවෙයි. ඒ භාණ්ඩ සුපරීක්ෂා කිරීම රජයේ වගකීමක්. එවැනි භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කරන්නේ ප්‍රමිති ආයතනයයි.

    මේ තත්ත්වය හෙළිදරව් කරගෙන අප ලබා ගත් තීන්දු මා මේ මොහොතේ සභාගත තරනවා. ඒ වගේම පොල්තෙල් බද්ද අඩු කලේ පාම් තෙල් ආනයනය අඩු කරන්නයි. පාම් ඔයිල් අප අනුමත කරන්නේ නෑ. කෝටි ප්‍රකොටි ගණන් ධනය ඉපයූ ඒ අයට දැන් රි දී තිබෙනවා. මොකද පාම් ඔයිල් බද්ද වැඩි කර පොල් තෙල් බද්ද අඩු කළ නිසා. ඒ නිසා මේ පොල්තෙල්වල විෂ කාරක තිබෙනවා කියා මතවාදය පතුරවන්න ක්‍රියා කර තිබෙනවා. පාම් ඔයිල් පැත්තේ හිටගන්න එපා ස්වදේශික පැත්තේ හිටගන්න කියා මා ඉල්ලා සිටිනවා.

    ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.