- Advertisement -
පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා සමඟි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්රික්කයට තරග කර ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ලබා සිටින අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිතව තිබේ.
2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී ඒ මහතා මනාප ඡන්ද 47,212ක් හිමි කර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානයට පත්ව තිබිණි.
- Advertisement -
අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එය ගැසට් මඟින් ප්රකාශයට පත් කිරීමට නියමිතය.
නුවන් කොඩිකාර
The article first published on dinamina.lk ⋆෴⋆
- Advertisement -