24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    රන්ජන්ගේ මන්ත්‍රීකම අහෝසියි

    - Advertisement -

    පාර්ලිමේන්තු මහ ලේකම්  මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි

    රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය.

    - Advertisement -

    මහ ලේකම්වරයා මේ දැනුම් දීම කර ඇත්තේ නීති උපදෙස් ගැනීමෙන් පසුව බවද කථානායකවරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේ ඊයේ (07) දිනට නියමිත කටයුතු ආරම්භ කිරීමට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දීමෙන් පසු එම නියෝගය හකුළා ගන්නා ලෙසට බල කරමින් සමඟි ජන බලගවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ (7) පාර්ලිමේන්තුවේ මුලසුන ඉදිරියට පැමිණ කෑකෝ ගසමින්, කථානායකවරයාට බැණ වඳිමින් හැසිරීම හේතුවෙන් සභා ගර්භය උණුසුම් විය.

    - Advertisement -

    විපක්ෂයේ මන්ත්‍රීවරු පහළොවකට ආසන්න පිරිසක් මෙසේ කථානායකවරයා ඉදිරියට පැමිණ ඝෝෂා කරද් දී ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනකු මුලසුන අසලට පැමිණ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකවරයා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන අයුරු දක්නට ලැබිණි.

    එසේ පැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සහ සජබ මන්ත්‍රීවරුන් මුලසුන ඉදිරියේ දී එකිනෙකා සමඟ මත ගැටුමක යෙදී සිටි අතර තත්ත්වය පාලනය කිරීමට කථානායකවරයා උත්සාහ කළද මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව විනාඩි තිහක පමණ කාලයක් පැවතිණ.

    මේ අවස්ථාවේ දී කථානායක ආසනය ඉදිරිපසට රැස්ව සිටි මන්ත්‍රීවරුන්ගෙන් සෙංකෝලය ආරක්ෂා කර ගැනීම සඳහා වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා කටයුතු කළේය.

    - Advertisement -

    පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු ආරම්භයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ තීන්දුව දීම සිදුවුවද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න, ස්ථාවර නියෝග යටතේ මතු කරන ප්‍රශ්න ආදිය අවසන් වීමෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාවේ දී මේ වාතාවරණය නිර්මාණය විය.

    අභියාචනාධිකරණය පසුගියදා නියෝගය ප්‍රකාශයට පත් කළ නිසා එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවත් එතෙක් රන්ජන් රාමනායකට නිවාඩු අනුමත කරන ලෙසත් ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි කිරීමෙන් වළකින ලෙසත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් තමන් පෙර දිනයේ දී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියද එදින රාත්‍රියේ දී කථානායකවරයා විසින් රන්ජන් රාමනායකගේ මන්ත්‍රි ධුරය අහෝසි වන බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී ඇති බවත් හෙතෙම පැවසීය. මාස තුනක නිවාඩු යෝජනාව ප්‍රතික්ෂේප කළ කථානායකවරයා රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රි ධුරය අහෝසි කර ඇත්තේද මාස තුනක් පාර්ලිමේන්තු නොපැමිණි බව පවසමින් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

    මෙහි දී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු නොපැමිණීම මත නොව නඩු තීන්දුව අනුව ඔහුගේ මන්ත්‍රි ධුරය අහෝසි වන බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

    අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා ’’යැයි විපක්ෂ නායකවරයා කීවේය.

    කථානායකවරයා,

    ‘‘ඒක කර ගන්න කියන්න. මැතිවරණ කොමිසමට විරුද්ධව දැනුත් යා හැකියි. දැන් මම තීන්දුව දීලා ඉවරයි ’’

    කෑ ගහලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මන්ත්‍රීවරු ආසන වෙත යන්න. සභාවේ කටයුතු පවත්වාගෙන යා යුතුයි. කතානායකවරයා එලෙස ප්‍රකාශ කිරීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් මුලසුන ඉදිරියට පැමිණෙන්නට වූහ.

    මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද සභාවේ කටයුතු ඉදිරියට ගෙන යෑමට කතානායකවරයා පියවර ගත්තේය. ඒ අනුව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමැතිවරයාට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව දුන්නද ඝෝෂාව නිසා එය ඉදිරිපත් කිරීමට රාජ්‍ය ඇමැතිවරයාට නොහැකි විය.

    විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය නොතකා පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට කටයුතු කළ අතර, ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ආසනවලට ගොස් අසුන් ගැනීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුද සිය ආසන වෙත ගියහ.

    ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.