24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා නැඟී එන ජාතික පිලේ ක්‍රීඩකයන් අතර කොරෝනා අරමුදල් පුණ්‍යාධාර ක්‍රිකට් තරගය මැයි 4 දා

    - Advertisement -

    මේ 11දා දිමුත් ඇතුළු කණ්ඩායමට කොරෝනා එන්නත

    ඉන්දියාවේ සංචාරය කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් හා ජාතික පිලේ ක්‍රීඩකයන් කිහිප දෙනකු සහභාගී වන කොරෝනා අරමුදල් රැස් කිරීමේ පුණ්‍යාධාර ක්‍රිකට් තරගය ලබන මැයි මස 4 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. එම තරගයට ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සහභාගී වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් කිහිපදෙනකු අනිවාර්යයෙන්ම සහභාගී වන බවත් මේ තරගයේදී තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් දෙන බවත් සිල්වා මහතා පැවසීය.

    - Advertisement -

    ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ බලතල ප්‍රකාරව පත් කළ ක්‍රිකට් කළමනාකරණ කමිටුව වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඊයේ ශ්‍රි ලංකා ක්‍රිකට් මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ මේ බව පැවසීය. මේ මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින් ද සිල්වා මහතා එක්ව සිටි අතර ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ ලේකම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, භාණ්ඩාගාරික සුජීව මුදලිගේ හා සාමාජික ලෙස නීතිඥ උචිත වික්‍රමසිංහ යන මහත්වරුන් එක්ව සිටියහ.

    “මේ ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්ව ඇත්තේ සති 6ක් වැනි කාලයකටයි. මේ කෙටි කාලයේදී බෝහෝ දේ කරන්න බෑ. නමුත් පැවැරී ඇති වැඩ කොටස සාර්ථකව නිමා කොට රටේ ක්‍රීඩාවේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීම අපේ කමිටුවේ වගකීමයි. ළඟ එන බංග්ලාදේශ ක්‍රිකට් සංචාරය සාර්ථක කිරීම අපේ ප්‍රධාන කාර්යයක්. බංග්ලාදේශය මේ දිනවල ලොක් ඩවුන් කොට තිබෙනවා. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් පිල ශ්‍රී ලංකා සංචාරයට සූදානම්. ඔවුන් ශ්‍රී ලංකාවට එන බව දැනුම්දී තිබෙනවා. බංග්ලාදේශ පිලේ ක්‍රීඩකයන්ට කොරෝනා එන්නත දී අවසන්. බංග්ලාදේශය ලෝකයේ පළමු ක්‍රිකට් ක්‍රීඩා කරන රට ඔවුන්ගේ ජාතික පිලට එන්නත දුන්. අපේ ක්‍රීඩකයන්ට මේ මස 11 වැනිදා කොරෝනා එන්නත දෙනවා. මැයි 25 කොරෝනා එන්නත යළි අපේ ක්‍රීඩකයන්ට දීමට කටයුතු යොදා තිබෙනවා” මහාචාර්යවරයා පැවසීය.

    “යාපනය ප්‍රදේශයේ මා ළඟදී කළ සංචාරයකදී දුටුවා එහි ක්‍රිකට් ප්‍රබෝධය. සෑම තැනකම වාගේ ළමයි ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ වගේම මා එහි යන දවසේ යාපනය පළාතේ විස්සයි20 තරගාවලියක් සංවිධාන වී තිබුණා. ඉතා හොඳ සම්පත් අපට යාපනයෙන් ලැබෙන බව පේනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දීම යුතුකමක්. මේ තත්ත්වය ඇති වුණේ ශ්‍රී ලංකාවේ පැවැති එල්පීඑල් තරගාවලිය නිසයි. යාපනය එහි ශූරතාව දින්නාම ඔවුන්ට විශාල බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. මේ වාගේම නැඟෙනහිර පළාතටත් එල්පීඑල් කණ්ඩායමක් දිය යුතුයි කියා මා යෝජනා කරනවා” ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපතිවරයා පැවසීය.

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු නිලධාරීයන්ගේ නිල කාලය පසුගිය 5 වැනි දින අවසන් වූ හෙයින් ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන ලබන මස 20 වැනි දින තෙක් අවශ්‍ය පරිපාලනමය කටයුතු උදෙසා මේ ක්‍රිකට් කළමනාකරණ කමිටුව පත්ව ඇත.

    ලබන මස 20 වැනි දින දක්වා සැලසුම් කර ඇති සංවර්ධන කාර්යයන් සඳහා පමණක් වන වියදම් සහ අත්‍යාවශ්‍ය පරිපාලනමය වියදම් හැර වෙනත් කිසිදු වියදමක් දැරීමට ක්‍රිකට් කළමනාකරණ කමිටුවට බලය නැති අතර, එවැනි යම් අවශ්‍යතාවයක් වේ නම් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්තුමාගේ පූර්ව ලිඛිත අනුමැතිය ගත යුතු බවට ගැසට් නිවේදනයෙන් නියම කොට ඇත.

    කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය අවසන් බවට ක්‍රීඩා ඇමැතිවරයාට කළ පැමිණිල්ල අනුව නීතිපති උපදෙස් මත මේ වෙනස සිදු විය. ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ කෙටි කාලීන හා මධ්‍ය කාලීන සැලසුමක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් වෙනසක් ඇති කිරීමට අපේක්ෂා කරන බවයි.

    - Advertisement -

    ප්‍රින්ස් ගුණසේකර

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.