24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    2015-2019 වසරවල කෝටි 21,300ක කිරිපිටි ගෙන්වලා

    - Advertisement -

    2015-2019 යහපාලන සමයේදී රුපියල් කෝටි 21,300ක මුදලක් වැය කරමින් කිරිපිටි කිලෝ ග්‍රෑම් කෝටි 46,100ක් ආනයනය කර ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.

    2010 -2014 සමයේදිත් මෙරටට කිරිපිටි ආනයනය කර ඇති අතර, එම ප්‍රමාණය කිරිපිටි කිලෝ ග්‍රෑම් මිලියන 368ක් බවද ඇමැතිවරයා පැවසීය.

    - Advertisement -

    2010-2014 වකවානුවට සාපේක්ෂව 2015-2019 වකවානුවේදී මෙරටට ආනයනය කරන ලද කිරිපිටි ප්‍රමාණයෙහි ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

    2010-2014 වකවානුවේදී ආනයනය කරන කිරිපිටි කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ රුපියල් 250ක බද්ද රුපියල් දෙක දක්වා අඩු කිරීමටද යහපාලන රජය කටයුතු කළ බවත් පසුගිය රජය අනුගමනය කළ මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කළ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට සිය ස්තූතිය පිරිනමන බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවට බොහෝ දෙනා සඳහන් කරන බවත් ආනයනයන් සීමා කර දේශීය කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය පීඨයේ ඇති විශේෂිත රසායනාගාරය තුළ ලෝක පරිමාණයේ ඕනෑම පර්යේෂණයක් කළ හැකි බැවින් කිරිපිටි වර්ග සහ අනෙකුත් ප්‍රශ්න ඇති දෑ මේ විශ්වවිද්‍යාලයට යොමු කර පරීක්ෂණ පවත්වන්නට හැකියාව ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    - Advertisement -

    ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    ස්වර්ණා විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්න

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.