24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    අන්තවාදී දේශන පැවැත්වු දෙදෙනෙක් TID අත්අඩංගුවට

    - Advertisement -
    අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ සිසුන් පිරිසක් සඳහා පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ ස්වයං ඝාතකයෙක් වූ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත මුලධර්මවාදී හා අන්තවාදී දේශන පැවැත්වු පුද්ගලයින් දෙදෙනෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
     
    සැකකරුවන් ඔලුවිල් ප්‍රදේශයේ දී ඊයේ (07) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
     
    අත්අඩංගුවට පත් සැකකරුවන් 30 හැවිරිදි හා 39 හැවිරිදි ඔලුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
     
    විදේශීය අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වලට සාමාජිකයින් බඳවා ගැනීමට පවත්වන දේශනවල අඩංගු කරුණු සැකකරුවන් විසින් මෙරට සිටින ළමුන් වෙත ලබා දී ඇති බවට වාර්තා වී තිබේ.
     
    2018 වසරේ දෙසැම්බර් මාසයේ දී එම පන්ති ඔලුවිල් ප්‍රදේශයේ දී පවත්වා ඇති අතර, එම පන්තිවලට සහභාගී වු සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත නොමැතිව විවිධ ශාරීරික අභ්‍යාස ලබාදුන් බවට ද හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
     
    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් තිබේ. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.