24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    කථානායකගෙන් කුවේට් රජයට ප්‍රශංසාව

    - Advertisement -
    කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන‍ සෞඛ්‍යසේවා පහසුකම් ඇතුළු  සහයෝගය පිළිබඳව කථානායකවරයා කුවේට් රජයට සිය ප්‍රශංසාව පළකරන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.
     
    කථානායකවරයා මේබව පවසා සිටියේ ශ්‍රී ලංකා කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 9 වැනි පාර්ලි‍මේන්තුව සදහා නව නිලධාරී මඩුල්ලක් පත්කර ගැනීම වෙනුවෙන් පසුගියදා පැවැත්වූ විශේෂ රැස්වීමේදීය. ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති  කලාෆ් බුදාහිර් මහතා, අමාත්‍යවරු ,රාජ්‍ය අමාත්‍යවරු සහ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 
     
     
    මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා “කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වික සබඳතා දශක පහකටත් වඩා පැරණියි.  1971 පෙබරවාරි 19 වන දින අප දෙරට විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත්තා. මේ වසරේදී අපි දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර 50 වන සංවත්සරය සැමරුවා.ඒවගේම ලෝකයේ ශ්‍රී ලාංකික තේ මිලදී ගන්නා ප්‍රධාන රටවල් දහය අතරට කුවේටය අයත් වනවා” යැයිද පැවසීය.
     
    “පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ගෘහ සේවිකාවන් කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට සහාය වීමෙන් ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව කුවේට් රජය දක්වන සහයෝගයට කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා” යැයිද කථානායකවරයා පැවසීය.
     
    මෙහිදී නව වැනි පාර්ලිමේන්තුවට අදාළව  ශ්‍රී ලංකා කුවේට් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ද ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාද තේරී පත්විය.
     
    උප සභාපතිවරු වශයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ෆයිසාල් කාසිම් , අරවින්ද් කුමාර් සහ සෙල්වම් අඩෙයිකලනාදන් යන මහත්වරුද භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතාද උප‍ලේකම් ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේශ් මහතාද තේරී පත් විය.
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.