24 C
Colombo
Sunday, April 11, 2021

වියත්මග කියමින් ඇවිත් ඉන්නේ ගංජා කාරයොයි කුඩුකාරයොයි.

වියත්මග කියමින් බලයට ආවේ දේශපාලන වශයෙන් සදාචාරාත්මක පිරිසක් යැයි සිතු නමුත් බලයට ආවේ කසිප්පුකාරයන් සහ ගංජාකාරයන් යයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න ම...
More

    Latest Posts

    කොරෝනා සටන මැද අයිපීඑල් ගැටුම ඇරඹේ

    - Advertisement -

     

    මහේලගේ මුම්බායි පිලට එරෙහිව කෝලිලා අද තරග බිමේ

    - Advertisement -

    ඉන්දියාව කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මැද දැඩි සටනකට මැදිවීම සමඟින් අභියෝග රැසක් මැද ඉන්දීය ක්‍රිකට් ආයතනය 14 වැනි වරට සංවිධාන කරන ලොව වැඩිම අවධානයක් දිනාගත් ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලිය අද (9) ආරම්භ වෙයි.

    මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය යටතේ පසුගිය වසරේ ශූරයන් වූ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල සහ විරාට් කෝලි මෙහෙයවන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර, අද චෙන්නායිහි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය රාත්‍රී 7.30ට පැවැත්වීමට නියමිතය.

    අඛණ්ඩව තෙවැනි වරටත් කිරුළ රැක ගැනීමේ අරමුණින් මේ තරගාවලියට එක්වන මුම්බායි පිල මේ තරගාවලියේ සාර්ථක කණ්ඩායම බවට පත්ව ඇත්තේ මේ වන විට ශූරතා 5ක් දිනා ඇති බැවිනි.

    - Advertisement -

    කණ්ඩායම් 8ක් එක් වන තරගාවලිය තරග 60කින් සමන්විත වන අතර, මූලික වටයේ තරග සංඛ්‍යාව 56කි. එහිදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමඟින් දෙවරක් තරග වදිණු ඇත. මැයි මස 23 වැනිදා මූලික වටයේ තරග නිමා වන අතර, තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 30 වැනිදාය. තරග ක්‍රීඩාංගණ 6කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    රටවල් රැසක් මෙවර තම ජාතික කණ්ඩායම්වල ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් අයිපීඑල් තරගාවලියට එක්වීම සඳහා ජාතික කණ්ඩායම්වලින් නිදහස් කර ඇත්තේ ජාතික කණ්ඩායම එක් වන තරගාවලි ද අමතක කරමිනි. ඊට හේතු වී ඇත්තේ මේ වසරේදී විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමයි.

    එහෙත් මෙවර අයිපීඑල් තරගාවලියට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුට එක් වීමට අවස්ථාව හිමි නොවූ අතර, මුම්බායි පුහුණුකරු මහේල ජයවර්ධන සමඟින් කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවෙන් තරගාවලියට එක්ව සිටිති. සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර, මුත්තයියා සන්රයිසස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරයි.

    - Advertisement -

    මේ අතර, මෙවර අයිපීඑල් තරගාවලියට මේ වන විටත් කොරෝනා වයිරසය රිංගා තිබේ. මේ වන විට කණ්ඩායම් පුහුණුවීම් ආරම්භ කර ඇති අතර, පසුගිය දින කිහිපයේදී ක්‍රීඩකයන් සිව්දෙනකුට වයිරසය ආසාදනය විය.

    බැංගලෝර් කණ්ඩායමේ දෙව්දූත් පඩික්කාල් වයිරසය ආසාදනය වී සුව වීමෙන් පසු යළි කණ්ඩායමට එක්ව සිටින අතර, ඔහුගේ කණ්ඩායම ක්‍රීඩකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික ඩැනියෙල් සෑම්ස් වයිරස් ආසාදිත ලැයිස්තුවට අලුතින්ම එක් වූ ක්‍රීඩකයායි. ඊට පෙර දිල්ලි කණ්ඩායමේ අක්සාර් පටේල්ට සහ කොල්කාට පිලේ නිතිෂ් රානා ද කොරෝනා වයිරසයට ගොදුරු විය.

    මේ වන විට සියලු කණ්ඩායම් ජෛව ආරක්ෂිත බුබුළු තුළ රැඳී සිටින අතර, තරගාවලියේ මූලික වටය ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වෙනු ඇත.

    මේ වන විට ඉන්දියාව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලකට හසුව සිටියද අයිපීඑල් තරගාවලියට ඉන් බාධාවක් ඇති නොවන බව සංවිධායකයෝ පවසති.

    කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති අතර, එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පන්ජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් පත් වූයේ තරග 14කදී ලකුණු 670ක් රැස් කරමිනි. ඔහු ශතකයක් සහ අර්ධ ශතක 5ක් වාර්තා කර තිබිණි.

    තරග 17කදී කඩුලු 30ක් බිඳ දැමූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කගීසෝ රබාඩා වැඩිම කඩුලු ලාභියා විය. එවර තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක් වූ එකම ක්‍රීඩකයා වන ඉසුරු උදාන තරග 10කදී කඩුලු 8ක් බිඳ දැමූ අතර, රැස් කළ හැකි වූයේ ලකුණු 15ක් පමණි.

    මෙතෙක් පැවැති තරගාවලි අදියර 13දී ලකුණු 5878ක් රැස් කරමින් බැංගලෝර් නායක විරාට් කෝලි වැඩිම ලකුණු රැස් කළ පිතිකරු බවට පත්ව ඇති අතර, සුරේෂ් රයිනා (චෙන්නායි), රෝහිත් ශර්මා (මුම්බායි) සහ ශිකර් ධවාන් (දිල්ලි) ලකුණු 5000 ඉක්මවා ඇත.

    අදියර 13න් 9ක් පමණක් ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග තවමත් අයිපීඑල් තරග බිමේ කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසු වෙයි. ඔහු තරග 122කදී කඩුලු 170ක් බිඳ හෙළා ඇති අතර, අමිත් මිෂ්රා තරග 150කදි කඩුලු 160ක් සහ පියුස් චවුලා කඩුලු 156ක් දවාගෙන තිබේ.

    අද තරග (9)

    මුම්බායි ඉන්දියන්ස් – රෝයල් චැලෙන්ජර්ස්

    බැංගලෝර් (චෙන්නායි)

    හෙට (10)

    චෙන්නායි සුපර් කිංග්ස් – දිල්ලි කැපිටල්ස් (මුම්බායි)

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.