
ඊයේ(7) පැවති සෞඛ්‍ය සේවක විරෝධතාවයේදී නිදහස් මාධ්‍යෙව්දියකු ලෙස ඡායාරූප ගනිමින් සිටි මලික අබේකෝන් පොලිසිය විසින් පැහැර ගෙන ගොස් මේ වනවිට මරදාන පොලිසියේ රඳවා සිටින ඔහු පහරදීමට ලක්ව ඇති බවත් මේ වන තෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමද සිදුව නැති බවත් වාර්තා වේ. මෙයට විරෝධය දක්වමින් මරදාන පොලිසිය ඉදිරි පිට විරෝධතාවක් අද උදෑසන පැවැත්විණ.
ඊයේ රාත්‍රියේ වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා නීතිඥවරයකු මරදාන පොලිසිය වෙත ගියද පොලිසිය විසින් මලික හමුවීමට අවස්ථාව ලබා දී නැත. මේ ආකාරයට, පොලිස් භාරයේ සිටින පුද්ගලයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඊට අවස්ථාව ලබාදීම මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්රතික්ෂේපකර ඇත.
ඔහු රැගෙන ඒන අවස්තාවේ ජිප් රියතුලදීද, සිර මැදිරියතුලදීද ,ස්ථානාධිපතිවරයාගේ කාමරයතුලදීද ඔහුට කිහිපවතාවකදී පොලිසිය පහරදී ඇති බවත් එයට එරෙහිව ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මෙන්ම මර්දනය ඉදිරියේ කිසිදු සටනක් යටපත් කිරීමට අවස්තාවක් ලබා නොදෙන බවද ඒම අවස්තාවට සහභාගී වෙමින් කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව සදහන් කළේය.
…ගමගේ…
The post ජිප් රියේදී, සිර මැදිරියේදී ,ස්ථානාධිපතිවරයාගේ කාමරයතුලදී මලිකට පහර දෙයි. appeared first on Lanka News Column.