24 C
Colombo
Sunday, April 11, 2021

එක්තරා පියෙක්

ගුණපාල වැඩිහිටි නිවාසයට ඇවිත් දැන් සෑහෙන කාලයක්. ඒ වයස අවුරුදු හැත්තෑව වෙනවාත් එක්කය. ආණ්ඩුවේ ලොකු රස්සාවක් කරන ලොකු පුතා එයාගේ වාහනයෙන්ම ඔහුත් එක්ක මේ...
More

    Latest Posts

    ප්‍රංස ටෙනිස් ශූරතාවලිය සතියකින් කල් යයි

    - Advertisement -

    ප්‍රංසයේ පැවැත්වෙන විවෘත ටෙනිස් ශූරතාවලිය සතියකින් කල් දැමීමට සංවිධායකයෝ කටයුතු කර තිබේ. වැඩි ප්‍රේක්ෂක පිරිසකට සහභාගි වීමට අවසර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් කල් දමා ඇති තරගාවලිය රෝලන්ඩ් ගැරෝස්හිදී මැයි මස 30 වැනිදා සිට ජූනි මස 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

    කොරෝනා වයිරස් රෝගීන් වැඩි වීම හේතුවෙන් ප්‍රංශය තුන් වැනි වරට රට පුරා අගළු දැමීමට කටයුතු කර ඇති අතර, මැයි මස මැද භාගය වන විට එය අවසන් වනු ඇතැයි එරට ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. රාජ්‍ය බලධාරීන්, අන්තර්ජාතික ටෙනිස් පාලක මණ්ඩලය, තරගාවලියේ හවුල්කරුවන් සහ විකාශකයන් සමඟ තරගාවලිය පිළිබඳ සාකච්ඡා කළ බවත්, ඒ අනුව තරගාවලිය කල් දැමීමට හැකි වීම පිළිබඳ සතුටු වන බවත් එෆ්එෆ්ටී සභාපති ගිලෙස් මොරෙටන් පැවසීය.

    - Advertisement -

    125 වැනි වරට පැවැත්වෙන මේ තරගාවලිය මැයි මස 17 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබිණි.

    අවසන් වරට පසුගිය වසරේ පැවැති තරගාවලියේදී කේවල පිරිමි ශූරතාව දිනා ගැනීමට රෆායෙල් නඩාල් සමත් වූ අතර, කාන්තා ශූරතාව ඉගා ස්වියාටෙක්ට හිමි වූවාය. පෝලන්ත ක්‍රීඩිකාවක වන 19 හැවිරිදි ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනූ පළමු අවස්ථාව ද එයයි. එම තරග නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 1000කට අවස්ථාව දී තිබිණි.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.