24 C
Colombo
Sunday, April 11, 2021

Sex කියන්නේ Gender වලට ම ද?

Sex එහෙම නැත්තම් ස්ත්‍රිපුරුෂ බව කියලා කියන්නේ ජිව විද්‍යාත්මක දෙයකටයි. මෙය උපතින් ම හිමිවන දෙයක්. අනන්‍යතාවයක්.ලිංග භේදය ලෙසද මෙය දැක්විය හැක. දරුවෙක් ඉපදුන විට...
More

    Latest Posts

    පාකිස්තානය 2-1කින් එක්දින තරගාවලිය දිනයි

    - Advertisement -

    දකුණු අප්‍රිකානු පිල සමඟ සෙන්චූරියන්හිදී පැවැති තෙවැනි එක්දින තරගය ලකුණු 28කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.

    මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද සංචාරකයන් සමත් වූහ.

    - Advertisement -

    මේ තරගාවලිය අයිසීසී ලෝක කුසලාන සුපර් ලීගයේ තරගාවලියක් ලෙස පැවැති අතර, මේ ජය සමඟින් ප්‍රසාද ලකුණු 40ක් සමඟ දෙවැනි ස්ථානය දක්වා ඉහළට ඒමට පාකිස්තානයට හැකි විය. ඔවුන් තරග 6කින් 4ක් ජය ගෙන ඇති අතර, පළමු ස්ථානයේ පසු වන එංගලන්තය ද ලකුණු 40ක් හිමි කර ගෙන සිටින්නේ තරග 9කින් 4ක් ජය ගනිමිනි.

    දකුණ අප්‍රිකාව මේ ශූරතාවලිය යටතේ සහභාගි වූ පළමු තරගාවලිය මෙය වන අතර, ප්‍රසාද ලකුණු 9ක් සමඟ 11 වැනි තැන පසු වේ.

    මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 320ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකාවට ඕවර 49.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 292ක් පමණි. ජැනේමන් මාලන් (70), කයිල් වර්රීන් (62) සහ ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ (54) අර්ධ ශතක රැස් කරමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළත් එය අසාර්ථක විණි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි සහ මොහොමඩ් නවාස් කඩුලු 3 බැගින් දවා ගත්හ.

    - Advertisement -

    පිට පිට දෙවැනි වරටත් ශතකයක් රැස් කරමින් පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් දීමට ෆකාර් සමාන් සමත් විය. මේ තරගයේදී පන්දු 104කින් ලකුණු 101ක් රැස් කළ ඔහු හතරේ පහර 9කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

    ඉමාම් උල් හක් (57) සමඟ පළමු කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් ගොඩනැඟූ සමාන් නායක බාබර් අසාම් සමඟ එක්ව දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 94කි. අසාම් ද ලකුණු 94ක් රැස් කිරීමට සමත් වූ අතර, පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 3ක් සහ ඒඩ්න් මාක්‍රම් කඩුලු 2ක් බිඳ දැම්මේය. අවසන් තරගයේ වීරයා ලෙස බාබර් අසාම් නම් කළ අතර, තරගාවලියේ වීරයා සම්මානය ෆකාර් සමාන්ට හිමි විය.

     

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.