24 C
Colombo
Monday, April 12, 2021

දවසේ ලග්න පලාපල

මේෂ ලග්නය - සිතැඟි ඉටු වනු ඇත මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව...
More

    Latest Posts

    පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද පාවෙන වෙළඳ සංකීර්ණය යළි විවෘත කෙරේ

    - Advertisement -
    වාණිජ මධ්‍යස්ථානයක්, ඓතිහාසික නගරයක් සහ වාණිජ නගරයක් යන කරුණු තුන යටතේ, කොළඹ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීමේ දැවැන්ත ක‍්‍රියාවලියේ තවත් එක් අවස්ථාවක් සනිටුහන් කරමින් අතිගරු ජනාධිපති සහ ගරු අගමැතුමන්ගේ උපදෙස් පරිදි ඊයේ (07) දින පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය  (Floating Market) පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට ලක් කිරීමෙන් පසු යළි විවෘත කෙරිණ.
     
    පාවෙන වෙළඳ සංකීර්ණය සහ පිටකොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශය මෙසේ සංවර්ධනයට ලක් කෙරෙන්නේ පසුගිය යහපාලන රජය යටතේ සංවර්ධනය නොකර අතහැර දමා තිබූ හේතුව මතයි.
     
    2014 අගෝස්තු 25 වන දින විවෘත කෙරුණු පාවෙන වෙළඳ සංකීර්ණය එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි අවධියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඇරඹුණකි.
     
    ඉන් වසර 06 කට පසු මෙසේ ප‍්‍රතිසංස්කරණය කරන ලද පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ වත්මන් ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟපෙන්වීම මත යළි විවෘත කෙරුණේ ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුවයි. 
     
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග‍්‍රාමාත්‍යතුමා මෙම කටයුතු නිසි පරිදි සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
     
    යළි විවෘත කෙරුණු පාවෙන වෙළද සංකීර්ණයේ සම්පූර්ණ වෙළඳ කුටි සංඛ්‍යාව 103 කි. 
     
     
    කොළඹ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කර යළි ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, පේ‍්‍රමනාත් සී දොළවත්ත, ජගත් කුමාර, කොළඹ නාගරික මන්ත‍්‍රී ප‍්‍රදීප් ජයවර්ධන, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති රෝසි සේනානායක, කොළඹ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක යන මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
     
    ඊට අමතරව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප‍්‍රසාද් රණවීර ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරිහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
     
     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.