24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    බිස්කට් සහ බේකරි නිෂ්පාදනවලට පාම් ඔයිල් ආනයනය බලපත්‍රය තහනම් වෙන්නෙ නෑ – එයට ඉඩ දීම සමූල ඝාතනයක් නෙවෙයි ද? : GMOA

    - Advertisement -

    බිස්කට් සහ බේකරි නිෂ්පාදනවලට පාම් ඔයිල් ආනයනය බලපත්‍රය තහනම් වෙන්නෙ නෑ 

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පාම් ඔයිල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට නියෝග කර ඇතත්, බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දෙන බවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී.
    ඇතැමුන් චෝදනා කරන්නේ, පාම් ඔයිල් පිළිකාකාරකයක් නම් බිස්කට් සම බේකරි නිෂ්පාදන සඳහා පාම් ඔයිල් භාවිතයට ඉඩ දෙන්නේ කුමන පදනමක් මත ද යනුවෙනි.
    මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, බිස්කට් සහ කේක් වැනි නිෂ්පාදනවල පාම් ඔයිල් අඩංගු වන බවය.
    මෙය දැන දැන වස කැවීමක් බවත්, මෙය සමූල ඝාතනයක් වන බවත් එම සංගමයේ සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
    “පාම් ඔයිල් කියන්නෙ තනිකර ම විසක්. පිළිකාකාරකයක්. නතර කරන්න බෑ. මිනිස්සු මැරිල හරි කමක් නෑ ව්‍යාපාර රැකුණොත්. තෙල් ටික අරන් බැදල කන ආහාර විතරක් නෙවෙයි පාම් ඔයිල් තියෙන්නෙ. ඔබ බලන්න ඔබ ගන්න බිස්කට් පැකට් එකේ බලන්න. ඔබ ගන්න කේක් එකේ බලන්න. ඔය මෝල්ට් කියල විකුණන කිරි පැකට් එකේ බලන්න මොනව ද තියෙන්නේ කියලා. පාම් ඔයිල් තියෙන්නෙ. අපිට මේ කවන්නෙ වස නෙවෙයි ද? ඉතින් අපිට පිළිකා හැදිල මැරෙන එක අහන්න දෙයක්යැ. දවසට 78ක් වාර්තා වෙන්නෙ පරීක්ෂා කරපු පිළිකා රෝගීන්. හොයා ගන්න බැරි තව දාහක් ඇති සමාජය තුළ. මේක සමූල ඝාතනයක් නෙවෙයි ද කියන්නකො. වහ ටිකක් ආවට කමක් නෑ කියල ප්‍රමිති ආයතනයේ ලොක්ක කියනවා නම් මේ රටේ මිනිස්සුන්ට මොන සරණක් ද? දණ්ඩ නීති සංග්‍රහයට අනුව රටේ මිනිස්සුන්ට වස කවන්න බෑ කාටවත්. මේ මිනිස්සු දැන දැන කවනව වස. ඒ කියන්නෙ මේ රටේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය මේ බිඳ වට්ටන්නෙ, කිසිදු ලැජ්ජාවක් නැතුව සල්ලි වෙනුවෙන්.”

    The article first published on gossip99.com ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.