ලේක්හවුස් ආදී කර්තෘ දිවංගත ඩී.ආර්. විජයවර්ධන මහතාණන්ගේ 135 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ලේක්හවුස් හින්දු සංගමය හා තිනකරන් කර්තෘ මණ්ඩලය එක්ව හින්දු ආගමික වතාවක් කොළඹ, මරදාන කපිතාන්වත්ත ශ්‍රී කෛලාසනාදර් දේවස්ථානයේ දී ඊයේ (08) පැවැත්වූ අතර විශේෂ පූජාවට ආයතනයේ නීති හා පරිපාලන අධ්යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මෙහෙයුම් අධ්යක්ෂ නීතිඥ කනිෂ්ක විතාරණ, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ධර්මශ්‍රී කාරියවසම්, සාමාන්‍යාධිකාරී එස් .ජේ. කොතාලාවල මහත්වරුන් සමඟ තිනකරන් ප්‍රධාන කර්තෘ ටී. සෙන්දිල් වෙලවර් ඇතුළු හින්දු සංගමයේ සාමාජිකයෝ සහභාගි වූහ.
විශේෂ පූජාවෙන් අනතුරුව ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන දොරටුව අසල ස්ථාපිත කර ඇති ඩී.ආර්. විජයවර්ධන මහතාණන්ගේ පිළිරුවට ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා මල්මාලයක් පැලඳවූ අයුරු.
ඡායාරූපය චින්තක කුමාරසිංහ
The article first published on dinamina.lk ⋆෴⋆