24 C
Colombo
Monday, April 12, 2021

සයුරේ වාර්තා බිඳ ලූ ගුවන් විරුවා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ ධනුස්කොඩි දක්වාත් නැවත තලෙයිමන්නාරම් මුහුද දක්වාත් පිහිනා නව ආසියානු...
More

    Latest Posts

    සංචාරක හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය සරසවියක් කිරීමේ කටයුතු ආරම්භ කළා – සංචාරක ඇමැති

    - Advertisement -
    Author(s): 
    මහින්ද අලුත්ගෙදර

    සංචාරක හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය සහ සමුළු කාර්යාංශ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයන් සමඟ පෙරේදා (07) සංචාරක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙසේ පැවසීය.

    - Advertisement -

    ශ්‍රී ලංකාව සංචාරකයන්ට ඉතා හොඳින් ආගන්තුක සත්කාර දක්වන හා ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස නමක් දිනාගෙන තිබෙන අතර එබැවින් හෝටල් කළමනාකරණ ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කර උපාධි පිරිනමන තත්ත්වයට ගෙන ඒමෙන් හෝටල් ක්ෂේත්‍රයට තරුණ තරුණියන් ආකර්ෂණය කර ගැනීමට එය ඉවහල් වනු ඇතිය යන්න සිය අදහස බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ ද ඉදිරිපත් කර තිබෙන මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් සංචාරක හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ වන තරුණ තරුණියන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා ආරම්භ වී තිබේ.

    ඊට අමතරව හෝටල් කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා ඇති එම පාඨමාලා ක්‍රියාත්මක කර න අන්තර්ජාතික විශ්ව විද්‍යාල සමඟ ද මීට අදාළව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    - Advertisement -

    2005 අංක 38 දරන සංචාරක කටයුතු පනත අහෝසි කර නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ද ඇමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට කරුණු පැහැදිලි කළේය. ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සමුළු කාර්යාංශය ඒකාබද්ධ කිරීමටත් සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමටත් අවධානය යොමුව ඇති බවයි.

    ලෝකයේ කොවිඩ් එන්නත්කරණයත් සමඟ ඉදිරි මාස 06ක කාලයේ සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම කාලසීමාවේ සංචාරකයන් මෙරටට වැඩි වශයෙන් ආකර්ෂණීය කර ගැනීට විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක වන බවත් පැවසූ ඇමැතිවරයා ඒ සඳහා සංචාරක ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහාය අපේක්ෂා කරන බවත් කීය.

    රජයේ ඉදිරි වැඩපිළිවෙළට වෘත්තීය සමිති සහයෝගය අපේක්ෂා කරන බවත් අනෝන්‍ය අවබෝධයෙන් ආයතන ඉදිරියට ගෙනයාමට වෘත්තීය සමිති සහාය ලබාගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් පැවසූ ඇමැතිවරයා ඕනෑම මොහොතක ආයතන සම්බන්ධයෙන් අදහස් හෝ යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ද වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

    - Advertisement -

    සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවට සහභාගි වූහ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.