මහරගම එස්. එස්. ගෘහස්ථ ක්රිකට් ආයතනය සංවිධාන කළ ඕවර දහයයි10 (ටී-ටෙන්) ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දික උදයංගගේ නායකත්වයෙන් යුත් මහරගම සදර්න් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.
පිළියන්දල මැදි මහ විදුහල් පිටියේදී ලීග් ක්රමයට පැවැති තරගාවලියේ අවසන් මහ තරගයේදී සදර්න් පිල හමුවේ පිළියන්දල සුපර් ඉලවන් කණ්ඩායම ලකුණු 33කින් පරාජයට පත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් සදර්න් පිල කඩුලු 3ක් දැවී ලකුණු 130ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉලවන් පිලට සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 97ක් පමණි.
අවසන් තරගයේ වීරයා, තරගාවලියේ වීරයා සහ හොඳම පිතිකරු යන සම්මාන ත්රිත්වයම සදර්න් කණ්ඩායමේ රංග විදානපතිරණට හිමි වීම විශේෂත්වයකි.
සදර්න් ග්ලැඩියේටර්ස් – 130/3යි. රංගන විදානපතිරණ 45, ඉන්දික උදයංග 24, පවාස් ජස්ටි නොදැවී 23, සමන්ත ලොරෙන්සුහේවා 11, දේව් දුල්වල නොදැවී 11 (දුලිප් 23/1, අමිත් 24/1)
සුපර් ඉලවන් – සියල්ලන් දැවී 97යි. මධුර 24, මනහර 22 (ජනක රාජසිංහ 18/3, භක්ති මෙන්ඩිස් 6/2, සඳුන් වික්රමරත්න 10/1)
The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆