24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරු මියයයි

    - Advertisement -
    Author(s): 
    මහින්ද අලුත්ගෙදර

    බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයා මෙරට වේලාවෙන් ඊයේ (9) සවස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට 99 වැනි වියෙහි පසූ වූ පිලිප් කුමරු පසුගිය කෙටි කාලයක් තුළ තරමක අසනීප තත්ත්වයෙන් පසුවී කොවිඩ් 19 වයිරසයද ආසාදනය වී සුවය ලබා ඇත. මීට මාසයකට පමණ පෙර හෘදය සැත්කමකට පවා මුහුණ දී සිටි පිලිප් කුමරු එහිදී ඇති වූ සංකූලතා හේතුවෙන් දින 28ක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.

    - Advertisement -

    හෙතෙම සුවය ලබා සති තුනකට ආසන්න කාලයක් වින්සර් රජ මාලිගයේ විවේක ගනිමින් සිට ඇති බව බැකිංහැම් මාලිගයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

    කෙසේ වෙතත් පිලිප් කුමරුගේ අවසන් කටයුතු වන දිනයක් හෝ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර, රාජකීය සම්භවයකින් හෙබි පිලිප් කුමරු 1921 වසරේ ජුනි 10 වැනිදා ග්‍රීසියේ කොෆූ දිවයිනේදී උපත ලබා ඇත. ඔහුගේ පියා වන ඇන්ඩෲ කුමරු එවකට ඩෙන්මාර්කය සහ ග්‍රීසියේ රජු ලෙස කිරුළ දැරූ අතර, පළමුවැනි ජෝර්ජ් රජුගේ බාලම පුතණුවෝ වෙයි.

    එමෙන්ම පිලිප් කුමරුගේ මව වනුයේ වික්ටෝරියා රැජනගේ මී මිනිපිරියක වන ඇලිස් කුමරිය වන අතර, බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දීර්ඝ කලක්ම දැරූ රැජනගේ වල්ලභයා ලෙසට පිලිප් කුමරු රාජකීය හමු 22,000කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති බවද සම්පූර්ණ කර ඇති රාජකීය විදෙස් සංචාර ප්‍රමාණය 637ක් පමණ වන බවද වාර්තා වෙයි.

    - Advertisement -

    දෙවැනි එලිසබෙත් රැජන බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි කර ගෙන වසර 5කට පසු 1947 වසරේදී පිලිප් කුමරු හා ආවාහ වන අතර, වසර 73ක සාර්ථක විවාහ දිවියක් ගත කළ ඔවුන් දරුවන් සිව් දෙනෙක් මුණුපුරු මිනිපිරියන් 10 දෙනකුගේ දරු සුරතල් දකින්නටද වාසනාව උදා කර ගත්හ.

    මේ දීර්ඝ දිවි සැරිය තුළ ඔහු විසින් කර ඇති දේශන සංඛ්‍යාව ආසන්න වශයෙන් 5,493ක් ලෙස දැක්වෙන අතර, බ්‍රිතාන්‍යයේ වඩාත් ජනාදරයට පත් රාජකීයයා ලෙස ඔහු විවිධ සංවිධාන 800කට ආසන්න ප්‍රමාණයක නිල සහ ගෞරව තනතුරු දරා තිබේ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.