24 C
Colombo
Sunday, May 16, 2021
More

    Latest Posts

    ක්‍රිකට් තේරීම් ප්‍රමෝද්‍ය අතට

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කරයි.

    හිටපු වේග පන්දු යවන්නකු වූ වික්‍රමසිංහ මහතා 1996 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ. මින් පෙර ද තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති වික්‍රමසිංහ මහතා නිමා වූ ශ්‍රී ලංකා පිලේ කොදෙව් සංචාරයේදී තේරීම් නිලධාරියකු ලෙස කටයුතු කළේය.

    - Advertisement -

    ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව පත් කළ මේ කමිටුව සාමාජිකයන් 6 දෙනකුගෙන් සමන්විතය.

    රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, උවයිසුල් කර්නයින් සහ තිලකා නිල්මිණි ගුණරත්න මහත්ම මහත්මීහු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

    මේ කමිටුවට ජාතික පිරිමි හා කාන්තා කණ්ඩායම් සමඟ ‘ඒ’ කණ්ඩායම්, නැඟී එන කණ්ඩායම් සහ අවුරුදු 19න් පහළ කණ්ඩායම් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම ද සිදු කරනු ඇත.

    - Advertisement -

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් යවන ලද නිර්දේශයන්ට අනුව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ ජාතික තේරීම් කමිටුව විසින් මේ තේරීම් කමිටුව නම් කර තිබේ.

    හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා මේ නව තේරීම් කමිටුව පත් කිරීමට පියවර ගැනිණි.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.