24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    මී. 800 කාන්තා ඉසවුවේදී දිල්ෂිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

    - Advertisement -
    Author(s): 
    ප්‍රින්ස් ගුණසේකර

    මීටර් 800 කාන්තා ධාවන ඉසවුවේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට දිල්ෂි කුමාරසිංහ සමත් වූ අතර, එම ඉසවුවෙන්ම තරග කළ ශානිකා ලක්ෂාණී නයිරෝබීහි පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

    කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති මලල ක්‍රීඩා ජාතික තේරීම් තරගාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් දිල්ෂි කුමාරසිංහ එම ඉසවුව මිනිත්තු 2:02.52කින් නිම කර වාර්තාව පිහිටුවූවාය. මෙයට පෙර එම ඉසවුවේ ශ්‍රී ලංකා වාර්තාව 2017දී බියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ගයන්තිකා අබේරත්න මිනිත්තු 2:02.55කින් පිහිටුවා තිබිණි.

    - Advertisement -

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගයන්තිකා අබේරත්න ඊයේ තරගයේදී තෙවැනි ස්ථානයට පත් වූ අතර, ඇය වාර්තා කළ කාලය මිනිත්තු 2:03.64කි. මේ තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිමාලී ලියනාරච්චි මිනිත්තු 2:03.15කින් දෙවැනි ස්ථානයට පත් වූවාය. නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවු දිල්ෂි කුමාරසිංහ නේපාලයේ කත්මණ්ඩු නුවරදී නිමාව දුටු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූවාය.

    ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලැබූ ශානිකා ලක්ෂාණී මිනිත්තු 2:07.02කින් තරගය නිම කිරීම හේතුවෙන් ඇයට මේ වසරේ අ‍ගෝස්තුවේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදා විණි. ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට කාන්තා මීටර් 800 ඉසවුවේ පරිසාධන මට්ටම මිනිත්තු 2:08.70ක් වී තිබිණි. මලල ක්‍රීඩා ජාතික තේරීම් තරගාවලියේදී දිල්ෂි කුමාරසිංහ සහභාගි වූ මීටර් 400 කාන්තා තරගයෙන් ද පළමු ස්ථානයට පත් වීම කැපී පෙනිණි.

    ඇය එම ඉසවුව තත්පර 53.43කින් නිම කිරීමට සමත් වූවාය. මීටර් 400 කාන්තා ඉසවුවේ දෙවැනි ස්ථානය නදීෂා රාමානායක තත්පර 53.48කින් දිනාගත් අතර, කෞෂල්‍යා මධුෂානී තත්පර 56.24කින් තෙවැනි ස්ථානයට පත් වූවාය. මේ තිදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.

    - Advertisement -

    මීටර් 400 පිරිමි අවසන් තරගය ජාතික ශූර ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලිංග කුමාරගේ තත්පර 45.99ක කාලයක් වාර්තා කරමින් ජය ගැනීමට සමත් වූ අතර, දකුණු ආසියා රන් පදක්කම්ලාභී යුද හමුදාවේම අරුණ දර්ශණ තෙවැනි ස්ථානයට පත් විය. මෙහි දෙවැනි ස්ථානය තත්පර 46.82කින් ශ්‍රී ලංකා යුද හමුදාවේ ජී.ඒ.එම්. ගුණරත්න දිනා ගත්තේය.

    මීටර් 800 පිරිමි ධාවන ඉසවුවේ මුල් ස්ථාන තුනම ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයන් සතු වීම විශේෂත්වයකි. පළමු ස්ථානය ජී.ආර්. චතුරංග (මිනිත්තු 1:49.82), දෙවැනි ස්ථානය සමන් කුමාර ප්‍රනාන්දු (මිනිත්තු 1:52.53) හා එන්.සී.විජේසිංහ (මිනිත්තු 1:52.70) තෙවැනි ස්ථානයට පත් වූහ.

    ඊයේ නිමා වූ මීටර් 1500 කාන්තා තරගය මිනිත්තු 4:24.06කින් ගයන්තිකා අබේරත්න දිනා ගනිද්දී එහි පිරිමි ඉසවුව හේමන්ත කුමාර මිනිත්තු 3:55.16කින් දිනා ගත්තේය.

    - Advertisement -

    රිටි පැනීමේ පිරිමි ඉසවුව මීටර් 4.90ක දක්ෂතාවකින් ශ්‍රී ලංකා යුද හමුදාවේ එස්. පුවතිරන්, මිටිය විසි කිරීම කාන්තා ඒ.එස්.එම්. අමරසිංහ සහ තුම්පිම්ම කාන්තා ඉසවුව කේ.ඒ.ටී. ලක්ෂානී මීටර් 12.73කින් දිනා ගත්තාය.

    මිටර් 400 කඩුලු පැනීමේ කාන්තා ඉසවුවේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ජී.ඒ.එස්. දුලානී මිනිත්තු 1:01.67කින් පළමු ස්ථානයට පත් වූ අතර, එහි පිරිමි තරගයේදී ඒ.එල්.ඒ.අයි. රත්නසේන තත්පර 51.88කින් පෙරමුණේ පසු විය.

    මීටර් 200 තරගයේදී යුද හමුදාවේ නදීශා රාමණායක තත්පර 24.28කින් පළමු ස්ථානයට පත් වූ අතර, පිරිමි අංශයෙන් මොහොමඩ් සෆාන් තත්පර 20.85කින් පළමු තැනට පත් විය. මීටර් 100 අවසන් මහා තරගයේදී පිරිමි හා කාන්තා ජාතික ශූරයන් වන හිමාෂ ඒෂාන් සහ අමාෂා ද සිල්වා එම ඉසවුව ජයගත් අතර, හිමාෂ තත්පර 10.38 ක් හා අමාෂා තත්පර 11.60ක කාලයන් වාර්තා කළහ.

    ෂෙලින්ඩා ජැන්සන් වසර 2019න් පසු යළි ධාවන පථයට පැමිණ තත්පර 12.07ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත් විය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.