24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    Sex කියන්නේ Gender වලට ම ද?

    - Advertisement -

    Sex එහෙම නැත්තම් ස්ත්‍රිපුරුෂ බව කියලා කියන්නේ ජිව විද්‍යාත්මක දෙයකටයි. මෙය උපතින් ම හිමිවන දෙයක්. අනන්‍යතාවයක්.ලිංග භේදය ලෙසද මෙය දැක්විය හැක. දරුවෙක් ඉපදුන විට ලිංග භේදය අනුව ගැහැනු පිරිමි ලෙස වෙන් කරයි. නමුත් පසුකාලීනව මතයක් වන්නේ ලිංගේන්ද්‍රය අනුව නොව සමාජයේ ජීවත්වන ආකාරය මත අනන්‍යතාව තීරණය වන බවයි.

    ස්ත්‍රී පුරුෂ බව මත පදනම් ව සමාජය විසින් ලබාදෙන අනන්‍යතාවය Gender ලෙස දැක්විය හැකිය.මෙය සමාජ සංස්කෘතික සාධකයකි. ජීව විද්‍යාත්මක නොවන අතර සමාජ සම්බන්ධතා නිසා සකස් වී ඇති සමාජ ලක්ෂණයකි.ස්ත්‍රිය හා පුරුෂයා අතර බල සබඳතා ස්ථාන ගත වී ඇති ආකාරය ස්ත්‍රි පුරුෂ සමාජභාවය ලෙස දක්වයි.ඕනෑම රටක Sex යන්න සමාන වන අතර ඔවුන්ට සමාජය තුළින් හිමිවන අනන්‍යතාව වෙනස් ය.පන්තිය කුලය, වර්ණය වැනි සාධක මත මෙම ස්ත්‍රී පුරුෂ සමාජ භාවය බැඳී ඇත.නිදසුන් ලෙස ගැහැනු දරුවකු වැඩිවියට පැමිණි පසු නීති රීති දැමීම, පිරිමින් ආශ්‍රය සීමා කරන ලෙස පැවසීම ආදිය සිදු වන්නේ ස ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය. දකුණු ආසියාතික රටවල තරමක් දැඩි ලෙසම මෙම අනන්‍යතාව දක්නට ලැබුණත් බටහිර රටවල මේ පිළිබඳ තැකීමක් නොකරයි. ස්ත්‍රීය පිරිමියා මෙන්ම උපරිම නිදහසක් භුක්ති විඳියි.

    - Advertisement -

    ස්ත්‍රිය යම් වපසරියකට සීමා කිරීම මේ තුළින් සිදුවේ. සමාජය තුළ කොල්ලා නාවලා ගෙට ගත්තම පිරිසුදුයි කියල කියන්නේ මේ අනන්‍යතාවේ නිසාය.සමාජය තුළින් ස්ත්‍රිය හා පිරිමියා කළ යුතු වැඩ බෙදා දෙයි. පිරිමියා කළ යුත්තේ මෙයයි,ස්ත්‍රී කළ යුත්තේ මෙයයි යනුවෙන් දක්වා ඇත. එම සීමාවෙන් පිට ගිය විට ඔහු හෝ ඇය දෙස බලන්නේ වපර ඇසිනි .ස්වාමියා විසින් බිරිඳට නිවසේ වැඩවලට උදවු කළ හොත් එය පිරිමියාගේ යටහත් පහත් බවක් ලෙස සමාජය දකී. ඒ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාය. පිරිමියා නිවසට මුදල් සොයා දීම කළ යුතුය.බිරිඳ නිවසේ මෙන්ම දරුවන්ගේ සේම, සැමියාගේ වැඩ කළ යුතුය. එහෙත් ඇය ගැන ඇගයීමක් නොකරයි.පිරිමියා කරන වැඩවලට වටිනාකමක් දෙයි.

    ස්ත්‍රි පුරුෂ සමාජභාවය තුළ කාන්තාවනට සිදුවන අසාධාරණය වැඩිය. ස්ත්‍රිය ලිංගික පීඩිතයා ය.හැඟීම්බර විය යුතුය. ලාමක විය යුතුය. ඉවසිලිවන්ත විය යුතුය. පුරුෂයා ලිංගිකප්‍රහාරකයාය.තාර්කිකයි.විශ්ලේෂණකාරයෙකි.ආවේගශීලි චරිතයකි. ඒ සමාජය දී ඇති අනන්‍යතාවයි. පුරුෂයාගේ පහසුව පිණිස තීරණ ගනියි.

    “හා හා ඔයා ගෑනු ළමයෙක් නේද..ගස් නගින්නේ නැ…”

    - Advertisement -

    “පිරිමි ළමයි එක්ක ඕනෑවට වඩා එපා..ඔයා දැන් ලොකු ළමයෙක්…”

    මෙවැනි දේවල් අපට සමාජයේ ඕනෑ තරම් අසන්නට ලැබෙයි. එලෙස ගැහැනු දරුවන්ට යම් යම් සීමා පනවන්නේ සමාජය විසින් ඇයට දී ඇති අනන්‍යතාව නිසාය. නමුත් පිරිමියාට එලෙස පවසා නොමැත.

    මේ කරුණු දෙස බලන විට අපට සනාථ වන්නේ Sex සහ Gender යනු ආකාර දෙකක් බවය. උපතින් ලිංග භේදය ලැබුණත් සමාජය තුළ ජීවත් වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මතය.

    - Advertisement -

     

    සවින්ද්‍යා මධුෂාණි

    කැලණිය විශ්වවිද්‍යාලය

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.