24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    පොල්තෙල් සාම්පල 109ක විෂ රසායන නැති බවට සහතිකයක්

    - Advertisement -
    වෙළෙද පොලෙන් ලබා ගත් පොල්තෙල් සාම්පල 109 ක විෂ රසායන අඩංගු වී නොමැති බව සමූපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.  
     
    පාරිභෝගික අධිකාරිය, වෙළඳපොලෙන් අදාළ සාම්පල ලබාගත් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
     
    සමාගම් 3 ක් විසින් මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිලිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණය ඇතුළු ආයතන 3 ක් මගින් පසුගියදා තහවුරු කළ අතර, ඉන් එක් සමාගමක පොල්තෙල් බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනයට වරාය පර්යන්ත වෙත පසුගිය 6 වනදා යොමුකළ ද මේ දක්වා ඒවා නැව්ගත කර නැහැ.
     
    කෙසේ වෙතත්, සෙසු සමාගම්වල තෙල් තොග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර තවදුරටත් එම ගබඩාවලට මුද්‍රා තබා තබා ඇත.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.