24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    දෝනි ලක්ෂ 12ක දඩ කයි

    - Advertisement -

    අයිපීඑල් තරගාවලියට එක්ව සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ මුදලක් නියම කිරීමට අයිපීඑල් සංවිධායකයෝ කටයුතු කර තිබේ.

    පසුගිය 9 වැනිදා ආරම්භ වූ 2021 අයිපීඑල් තරගාවලියේ වැන්කඩේ ක්‍රීඩාංගණයේ පෙරේදා දිල්ලි පිල සමඟ පැවැති දෙවැනි තරගයේදී නියමිත කාලය තුළ අදාළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස දෝනිට දඩ නියම කර ඇති අතර, එම මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 12කි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 32ක් පමණ වේ.

    - Advertisement -

    “අයිපීඑල්හි චර්යාධර්ම සංග්‍රහය යටතේ අවම අධි අනුපාත වැරදි සම්බන්ධයෙන් ඔහුගේ කණ්ඩායම විසින් මේ වාරයේ සිදු කරන ලද පළමු වරද මෙය බැවින් දෝනිට මේ රුපියල් ලක්ෂ 12ක දඩයක් නියම විය” යනුවෙන් අයිපීඑල් සංවිධායකයෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

    මේ අතර, චෙන්නායි පිල සමඟ පැවැති එම තරගයෙන් දිල්ලි පිල කඩුලු 7ක ජයක් අත් කර ගැනීමට සමත් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල දුන් ලකුණු 189ක ඉලක්කය පන්දු 8ක් ඉතිරිව තිබියදී සපුරාගත් දිල්ලි පිලට අහිමි වූයේ කඩුලු 3ක් පමණි.

    දිල්ලි පිල ජයග්‍රහණය කරා ගෙන ප්‍රිත්වි ෂෝ සහ ශිකර් ධවාන් පළමු කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 138කි. ධවාන් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 54කින් ලකුණු 85ක් රැස් කළ අතර, හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 72ක් රැස් කළ ප්‍රිත්වි වැය කළේ පන්දු 38ක් පමණි. පන්දු යැවීමේදී ශර්දුල් ඨාකූර් කඩුලු 2ක් බිඳ දැම්මේය.

    - Advertisement -

    චෙන්නායි පිල වෙනුවෙන් සුරේෂ් රයිනා පන්දු 36කින් ලකුණු 54ක් වාර්තා ළ අතර, මොයින් අලී ලකුණු 36ක් සහ සෑම් කරන් පන්දු 15කින් ලකුණු 34ක් ඉනිමට එක් කළහ. නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු නොලබාම දැවී ගියේය.

    පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ අවේෂ් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.