24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    පාකිස්තානයට වාර්තාගත ජයක්

    - Advertisement -

    මොහොමඩ් රිස්වාන්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමු විස්සයි20 තරගයෙන් වාර්තාගත ජයක් අත් කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් වෙයි. මේ සමඟ තරග 4කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සංචාරකයන්ට හැකි විණි.

    ජොහැනස්බර්ග්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය පාකිස්තාන ක්‍රීඩකයෝ ඉනිම නිමාවීමට පන්දුවක් ඉතිරිව තිබියදී ජය අත් කර ගත්තේ කඩුලු 6ක් පමණක් දැවී තිබියදීය. මේ ජය වාර්තා අතරට එක් වූයේ විස්සයි20 පිටියේදී පාකිස්තානය හඹාගොස් ජය ගත් ඉහළම ඉලක්කය ලෙසිනි.

    - Advertisement -

    තරගයේ වීරයා වූ මොහොමඩ් රිස්වාන් පන්දු 50කින් ලකුණු 74ක් පාකිස්තාන ඉනිමට එක් කළේ හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ෆහීම් අෂ්රෆ් පන්දු 14කින් ලකුණු 30ක් සහ ෆකාර් සමාන් ලකුණු 27ක් වාර්තා කළහ. පන්දු යැවීමේදී බියුරන් හෙන්ඩ්‍රික්ස් කඩුලු 3ක් සහ ටබ්රයිස් ශම්සි කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

    දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් නායක හෙන්රිච් ක්ලාසීන් පන්දු 28කින් ලකුණු 50ක් සහ ඒඩ්න් මාක්‍රම් පන්දු 32කින් ලකුණු 51ක් රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් සහ හසන් අලී කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

    දෙපිල අතර, තරග 4කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු දෙවැනි තරගය අද (12) ජොහැනස්බර්ග්හිදීම පැවැත්වෙයි.

    - Advertisement -

     

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.