24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    අවුරුදු සමයේදීත් කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කරන්න එපා

    - Advertisement -
    Author(s): 
    අනුර ප්‍රේමලාල්

    – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනතුරු අඟවයි

    කොවිඩ්-19 වසංගත තත්ත්වය කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යෑමට උත්සාහ කරන මේ අවස්ථාවේදී මහජනතාව වෙත ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක නොකර අවුරුදු සමයේදීද ඒවා හොඳින් පිළිපැදිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    - Advertisement -

    ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා (09) නීතිය හා සමාජ භාරය මෙහෙයවු ‘කොවිඩ් 19 මර්දනයට සහාය වෙමු’ මැයෙන් පැවැති වැඩමුළුවක් අමතමිනි. එය රාජගිරියේ පිහිටි දකුණු ආසියානු සහයෝගිතා ගොඩනැඟිල්ලේ ශ්‍රවාණාගාරයේදී පැවැත්විණි. එහිදි වැඩිදුරටත්ඒ මහතා මෙසේද කීය.

    මේ වනවිට අවුරුදු උත්සව සමය නිසා ජනතාව ඉතා ප්‍රවේශම්කාරීව සිටිය යුතු වුණත් මේවන විට මහජනතා කොවිඩ්-19 නව කොරෝනා වසංගතය අමතක කර තිබෙනවා. අද මොන බස් රථයේද ආසන ගණනට ජනතාව ගෙන යන්නේ. රෙදි පිළි විකුණන ප්‍රධාන වෙළෙඳසල්වල මේ මාර්ගෝපදේශ ක්‍රියාත්මක වෙනවාද. මේවාට නීතිරීති දමනවා වගේම ජනතාව තමන් වෙත ලබාදී ඇති උපදෙස් පිළිපැදිය යුතුයි. නමුත් මේ වනවිට ජනතාවගේ දායකත්වය අවම වෙමින් තිබෙනවා. නමුත් පී.සි.ආර්.පරීක්ෂණවලින් පොසිටිව් වුණොත් එහිදි නිවෙස්වලින් ගෙන යන්න සූදානම් වනවිට තමයි ජනතාවට තේරෙන්නේ මෙහි බරපතළකම. එහිදී අඬා වැටෙනවා.

    මේ වනවිට එන්නත්කරණය ආරම්භ කරගෙන එහි කටයුතු කරන අතර දෙවන එන්නත ගැනද කතා කරනවා. එන්නත් ලබපු අය ගැන කිසිම ගැටලුවක් මේ වනවිට නැහැ. නමුත් අපි අදාළ ජන කාණ්ඩ වෙත මේ එන්නත ලබාදිය යුතුයි.

    - Advertisement -

    මේ වනවිට කොවිඩ්-19 මර්දනය කරන මධ්‍යස්ථානයේ ප්‍රධානියා වන හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉතා හොඳින් තමා වෙත පැවැරි තිබෙන කාර්යය සියලු දෙනාගේ සහයෝගය ලබාගනිමින් ඉටුකරන බව සිහිපත් කළ යුතුයි. කොවිඩ් සඳහා එන්නත් කරන සියලු දෙනාගේ ලේඛන ගත වීමක් සිදුවෙනවායිද කීය.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.