24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ගලහිටියාව මැදි විදුහලට ක්‍රිකට් ශූරතාවක්

    - Advertisement -

    ආර්.බී. ක්‍රිකට් පදනමේ අභියෝගතා කුසලාන අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් රද්දොළුගම ශ්‍රී පඤ්ඤානන්ද විදුහල් පිලට එරෙහිව ලකුණු 22ක ජයක් වාර්තා කළ ගලහිටියාව මැදි විදුහල් පිල ශූරතාව දිනා ගැනීමට සමත් විය.

    රද්දොළුගම පඤ්ඤානන්ද විදුහල් පිටියේ පසුගියදා පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගලහිටියාව මැදි විදුහල් පිල කඩුලු 9කට ලකුණු 210ක් රැස් කළ අතර, පඤ්ඤානන්ද විදුහල් පිල ලකුණු 188කට දැවී ගියේය.

    - Advertisement -

    ගලහිටියාව මැදි විදුහල් පිල වෙනුවෙන් කේ.කවීන් ලකුණු 52ක් ද, එස්.සනුක ලකුණු 57ක් ද රැස් කිරීමට සමත් වූහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පඤ්ඤානන්ද විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මධූප සුදේශ් ලකුණු 55ක් රැස් කළ ද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. එස්. සනුක කඩුලු 3ක් දවාලමින් දස්කම් පෑවේය.

    අවසන් මහා තරගයේ හොඳම පිතිකරු ලෙස මධූප සුදේශ් සම්මාන දිනා ගත්තේය. තරගයේ වීරයා සම්මානයත්, හොඳම පන්දු යවන්නාගේ සම්මානයත් ගලහිටියාව මැදි විදුහල් පිලේ එස්. සනුක දිනා ගත්තේය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.