24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    දවසේ ලග්න පලාපල

    - Advertisement -

    මේෂ ලග්නය – සිතැඟි ඉටු වනු ඇත

    මේෂ ලග්නයට අනුව අද ඔබට සුබ දිනකි. චන්ද්‍රයා ලග්නගත වීමෙන් තම සිතැඟි ඉටුවන ලකුණු පල කරයි. නිර්මාණශීලි බව හා තම ජීවන ගමනේ සහකරු හෝ සහකාරිය තමාට හිමි වනු ඇත. දුරස් වී සිටි අය සමීප වන දිනකි. ආර්ථිකය සුබවාදි වෙයි රැකියා උසස් වීම් පිළිබඳ ආරංචි ලැබේ. අවිවේකය නිසා ශාරීරික තෙහෙට්ටු ගතිය මතු වනු ඇත.

    - Advertisement -

    වෘෂභ ලග්නය – සමීපතමයකුගේ වෙන් වීමක්

    වෘෂභ ලග්නයට අනුව අද ඔබට රටක සිටින අයකුගේ පැමිණිම නිසා අනුන් වෙනුවෙන් කැප වීමට සිදු වේ. ආර්ථික වාසි ඇතත් ඊට වඩා වියදම අධික ලකුණු පෙනේ. තමා ඇලුම් කළ කෙනෙකු තමාගෙන් වෙන් වනු ඇත. තමාට ද දුර බැහැර ගමන් යෙදේ. පාදයේ වළළුකර ආශ්‍රිත උවදුරු පෙනෙන්නට තිබේ. කෑම බීම විෂවිම නිසා ප්‍රතිකාර ගැනීමට වුව ද සිදු වේ.

    මිථුන ලග්නය – ඉඩම් ලාභයක්

    - Advertisement -

    මිථුන ලග්නයට අනුව ආර්ථික ප්‍රතිඵල හිමි වන දිනකි. තමා මීට පෙර කළ ආයෝජනයක ප්‍රතිඵල උදා වේ. සිතට අවිවේකය නිසා කටයුතුවල ප්‍රමාදයක් පෙන්වුවද තම ආත්ම අභිමානය නොඅඩුව පැවතීම තුළ විය හැකි අවමයක් මඟ හරවා ගත හැකිවේ. තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැප කිරීමට ද සිදු වේ. තමාට උරුම වන්නට තිබි අන්සතුව තිබු ඉඩමක් තමාට හිමි වන දිනකි.

    කටක ලග්නය – අතමිට මිල මුදල් ගැවසේ

    කටක ලග්නයට අනුව අද ඔබට සුවිශේෂි දිනකි. ඒ බොහෝ දෙනාගේ පැසසුමට ලක්වන නිසාය. රැකියාගත විවේකය හිමි වුවද නිවෙසේ කටයුතු කෙරේ. වැඩි කැපවීමක් දැරීමට සිදු වේ. අතමිට මිල මුදල් ගැවසෙන දිනයකි. වියදම අතින් ද අඩුවක් නොවුවද ලැබීම් අතින් යහපත් නිසා බිය විය යුතු නැත. තුනටියට අගුණය. බර වැඩවලදි පරිස්සම් වන්න.

    - Advertisement -

    සිංහ ලග්නය – වියදම් අධික වේ

    සිංහ ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. සිතේ සතුට අභිවෘද්ධිය උදා වේ. වැඩිහිටි පාර්ශ්වයෙන් ඇප උපකාර ලැබේ. තම නිවහනේ අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් වෙහෙස මහන්සි වීම සිදු වේ. මිල මුදල් අත රැඳුන ද වියදම් අධිකයි. තම එදිනෙදා කටයුතු සකසුරුවම්ව කර ගෙන යාම සුබයි. අන් අය සමඟ තිබු ගිවිසුම්වල ස්ථාවර බව රැකෙන දිනකි.

    කන්‍යා ලග්නය – රැකියා ස්ථානගත සතුරු කරදර

    කන්‍යා ලග්නයට අනුව අද ඔබට ප්‍රවේසම් විය යුතු දිනකි. හදිසි අනතුරු අපවාද චෝදනාවලට හසු වීමට පුළුවන. තමා රැකියාව කරන ස්ථානයේ සතරු බලවේගයක් නිසා තමාට අසුබ ආරංචි ඇසීමට සිදු වේ. තමා මීට පෙර කරගෙන ආ ආදායම් මාර්ග ඇහිරී යන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් නව ආර්ථික ක්‍රමෝපායන නිසා නව ජීවයක් සිතට දැනෙනු ඇත..

    තුලා ලග්නය – ගෙදර සාමාජිකයෝ එකට එකතු වෙති

    තුලා ලග්නයට අනුව අද ඔබට ඉතා සුබයි. ඒ ගෘහ ජීවිතයේ සතුට මතු කෙරෙන කරුණු කාරණා යෙදෙන නිසාය. කාලෙකට පසුව ගෙදර සාමාජිකයින් එකට එකතුව සතුට භුක්ති විඳීමට කටයුතු කරයි. නිවසේ අලුත් වැඩියා කටයුතු, නිවෙසට අලුත් ගෘහ භාණ්ඩ ගෙන එන දිනකි. තුනටියට ආපදා පෙන්වන නිසා බර ඉසිලිම්වලදී කල්පනාකාරී වන්න. දරු සම්පත් අපේක්ෂා කරන අයට අලුත් සාමාජිකයින් පවුලට එකතු වන දිනකි.

    වෘශ්චික ලග්නය – දුර බැහැර රාජකාරියකට

    වෘශ්චික ලග්නයට අනුව අද ඔබට ගමෙන් දුර බැහැර රාජකාරියකට යෑමට සිදු වේ. උත්සව සමයේ නි‌ෙවසේ රැඳී සිටීමට තිබු අවස්ථාව ගිලිහි යෑමෙන් සිතට කනගාටුව මතු කෙරේ. රැකියා ව්‍යාපාර කටයුතුවල අවිවේකී බවක් උසුලයි. තම ගෘහ ජීවිතයේ ගැටලු මතු වීමට ඉඩ ඇත. හුදෙකලාව ගත කිරීමට සිදු වන දිනකි. යටි බඩ ආශ්‍රිත ආසාදන මතු කෙරේ..

    ධනු ලග්නය – දරුවන්ගේ කුසලතා පිළිබඳ සතුට

    ධනු ලග්නයට අනුව අද ඔබට තම ජීවිතයේ සතුටුදායක අවස්ථා කීපයකට මුහුණ දීමට හැකි වේ. ආර්ථික ලාභ, රැකියි අභිවෘද්ධිය ඒ අතර වෙයි. තම දූ දරුවන්ගේ කුසලතා පිළිබඳ සතුටු විය හැකි අවස්ථා මතු කෙරේ. පවුලට අලුත් සාමාජිකයන් එකතු වන අතර නි‍‌ෙවසේ උත්සවශ්‍රීයක් උසුලන දිනකි. තම වැඩිහිටි පාර්ශ්වයේ ආශිර්වාද ලැබෙනු ඇත.

    මකර ලග්නය – ආර්ථිකය උසස් වේ

    මකර ලග්නයට අනුව අද ඔබට තම ජීවිිතයේ සුවිශේෂ දිනකි. රැකියාව වේවා, තම ආර්ථිකය වේවා ඉතා උසස් තලයට පැමිණෙන දිනකි. ගෘහ උපකරණ නි‌ෙවසට ගෙන ඒම, නව නිවෙසක පදිංචිය මේ අතර සිතට සතුට ගෙන එයි. එහෙත් තම සමීපතමයකුගේ අභාවයක් නිසා තරමක දුකක් වේදනාවක් මෙන්ම මුදල් වැය කිරීමක් සිදු වන දිනකි.

    කුම්භ ලග්නය – පැවැති නඩුවක තීන්දුව තමාගේ වාසියට

    කුම්භ ලග්නයට අනුව අද ඔබට ගුරු ග්‍රහයා ලග්නගතවීම ද චන්ද්‍රයා 03 වැන්නේ වීම ද නිසා තම සහකරු හෝ සහාකාරියගේ පාර්ශ්වයෙන් හදිසි ධනය, හදිසි උරුමකම් පෙනෙන්නට තිබේ. කලක් පැවති නඩුවක් තමාගේ වාසියට පෙරළෙනු ඇත. තමා අතින් සිදු වු බොහෝ අඩුපාඩු අවම කර ගැනීමට සිතන දිනකි. ප්‍රතිචාර අනුව තමා සමාජයේ උසස් බවක් දක්නට පුළුවන.

    මීන ලග්නය – විදේශ මිතුරකුගෙන් සතුටුදායක ආරංචියක්

    මීන ලග්නයට අනුව අද දින තමාට හදිසි ධනයක් උරුම වීමට පුළුවන. තමා කලක් ඇසුරු කළ විදේශිකයකුගෙන් සතුටුදායක ආරංචියක් ලැබේ. තමා ආරම්භ කර තිබූ ව්‍යාපාරයක ප්‍රතිලාභ පත්වන දිනකි. තම දූ දරුවන්ගේ කටයුතු වෙනුවෙන් දැඩි මහන්සියෙන් කටයුතු කිරීමට සිදු වේ. රාත්‍රි කාලයේ සුහද හමුවක්, ප්‍රිය සම්භාෂණයක් වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වේ.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.