24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    බකමූණ ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගි අංශය ජනතා අයිතියට

    - Advertisement -

    උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බකමූණ ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශය පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි.

    ඊට සමගාමීව අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග සංවර්ධනයට මුල්ගල තැබීමද රාජ්‍ය ඇමැතිවරයා අතින් සිදු විය.

    - Advertisement -

    අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය යන අභියෝග අප දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කළ යුතු බව වැරදි ආහාර පිළිවෙත්, පානීය ජල ගැටලුව ආදිය ඉදිරියේදී විවිධ ව්‍යාපෘතිය හරහා අවම කරගැනීමට කටයුතු කරන බවත් රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    පරිපාලන සේවයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පිරිස ඉතා අල්පයක් බව පැවැසූ ඒ මහතා එයට හේතුව අධ්‍යාපනයේ ඇති ගැටලුකාරී තත්ත්වයන් බව සඳහන් කළේය.

    විශේෂයෙන් තවමත් දිස්ත්‍රික්කයේ පාසල්වල නොවිසදුණු විදුහල්පති හිඟයට විසඳුම සෙවිය යුතු බවත්, කාලයක් පුරා පවතින මේ ගැටලු මධ්‍යයේ වුවත් කැපවීමෙන් අධ්‍යාපනය ලබා, පොළොන්නරුව දිස්ත්‍රික්කයට සේවය කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලය වෙත ප්‍රශංසනීය ස්තුතියක් පුදකර සිටින බවත් රණසිංහ මහතා කියා සිටියේය.

    - Advertisement -

    රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති අමරකීර්ති අතුකෝරල, උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ.කේ.එන්. වික්‍රමසිංහ, උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර මහත්වරුන් ඇතුළු රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක් වූහ.

    නුවන් කොඩිකාර සහ පොළොන්නරුව සමූහ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.