24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    රානාගේ පිත්තෙන් කල්කටාවට 100 වැනි ජය

    - Advertisement -

    පන්දු 56කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 80ක් රැස් කළ නිටිෂ් රානාගේ පිතිහරඹයෙන් ඉනිම ගොඩ නැගූ කල්කටා නයිට් රයිඩර්ස් පිල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා රාත්‍රී පැවැති තරගයෙන් සන්රයිස් හයිද්‍රබාද් පිලට එරෙහිව ලකුණු 10ක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

    මෙවර අයිපීඑල් තරගාවලියේ තුන්වැනි තරගය ලෙස චෙන්නායි නුවර පැවැති මේ තරගයෙන් ජයග්‍රහණය අත් කර ගැනීමත් සමඟ අයිපීඑල් තරග ඉතිහාසයේ සිය වැනි ජය වාර්තා කිරීමට කල්කටා පිල සමත් විය.

    - Advertisement -

    තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිස් පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් කල්කටා පිල ඕවර 20 අවසානයේ කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 187කි. රානාට අමතරව මැදපෙළ පිතිකරු රාහුල් ත්‍රිපති වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 53ක් රැස් කළේ පන්දු 29කිනි. ඊට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එක් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5කට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 177ක් පමණි.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.