24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    ලොවට හොඳ පණිවිඩයක් දුන් ගුවන් හමුදාවේ රොෂාන්ට පරිසර ඇමැතිගෙන් සුබ පැතුම්

    - Advertisement -
    Author(s): 
    බුද්ධිකා ඉඹුලාන

    ‘සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් මුදාහරින්න එපා‘ පණිවිඩය ලෝක වාසින්ට දෙමින් ඉන්දියන් සාගරයේ පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනමින් වාර්තාවක් එක් කළ ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර රණවිරුවා කළ මෙහෙවරට රටම කෘතඥතාව පළ කළ යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා රොෂාන් අබේසුන්දර රණවිරුවාට සුබ පැතුම් එක් කරමින් පවසයි.

    මේ රණවිරුවා තම ජීවිත අවදානමක් පවා නොත.කමින්මේ වීරක්‍රියාව සිදු කළේ ඹහු පරිසරයට දක්වන ආදරය හේතුවෙන් බවත් පරිසරය ආදරය කරන එවැනි අයට සමස්ත ජාතියේම කෘතඥතාව පළ කළ යුතු බවත් ඇමැතිවරයා කියයි.

    - Advertisement -

    ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් හා පොලිතීන් එකතු කරන 05 වන රට බවට එක්තරා විදේශිය ආයතනයක් පසුගියදා නම් කර තිබු නමුත් එය සම්පූර්ණයෙන්ම අසත්‍ය වුවද අපේ රටේ ජනගහනයට සාපේක්ෂව පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

    ‘අපේ රටේ ජනගහනය ගත්තත්, මේ කලාපයේ අනෙක් රටවලට වඩා අපේ රටේ අඩුයි. කොළඹ ජනගහනය වගේ සිය ගුණයක් ජනගහනය ඉන්න නගර මේ කලාපයේ තිබෙනවා. කෙසේ වෙතත් අප රටේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය දිනෙන් දින ඉහළ යන බව සත්‍යයක්.සාගරයට වන මේ හානිය ගැන අප විටින් විට ජනතාව දැනුම්වත් කරනවා.විශේෂයෙන් ධීවර ජනතාව වෙත අප මේ ගැන දැනුම්වත් කිරීම් සිදු කළ සාගරය අප හැමදෙනාටම සම්පතක් යැයිද අමරවීර මහතා කියයි.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.