24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    වෙස්ලි – බෙනඩික්ට් මංගල ක්‍රිකට් ගැටුම 23-24 දෙදින

    - Advertisement -
    Author(s): 
    ෆවුස් මොහොමඩ්

    බොරැල්ල වෙස්ලි විදුහල සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල අතර, පළමුවරට පාසල් මහා ක්‍රිකට් තරගයක් සංවිධාන වී තිබේ. මේ දෙවිදුහලම අන්තර් පාසල් ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දස්කම් පෑමට සමත් වූවත් දෙපිල අතර, කුසලානයක් වෙනුවෙන් වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

    දෙපිල අතර, මේ මස 23 සහ 24 දෙදින කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල් පිටියේදී දෙදින ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ වෙස්ලි විදුහලේ හිටපු විදුහල්පතිවරයකු වූ ජේම්ස් කාට්මන් පියතුමා නමින් නිර්මාණය කළ කුසලානය වෙනුවෙනි. අනතුරුව මැයි මස 8 වැනිදා පී. සරා ඕවල් පිටියේදී සාන්ත බෙනඩික්ට් විදුහලේ හිටපු අධ්‍යක්ෂ ලූක් ග්‍රෙගරි පියතුමා නමින් නිර්මාණය වූ කුසලානය වෙනුවෙන් එක්දින තරගයට දෙපිල එක් වෙයි.

    - Advertisement -

    වෙස්ලි සහ බෙන්ඩික්ට් දෙවිදුහලේ ඒකාබද්ධ කමිටුව විසින් සංවිධාන කරන මේ දෙදින හා එක්දින තරගය වාර්ෂිකව පැවැත්වෙන තරග ඉසවුවක් බවට පත් වනු ඇත. ඒ අනුව දෙදින තරගය වසරින් වසරට දෙවිදුහලට අයත් ක්‍රීඩාංගණවල පැවැත්වෙන අතර, එක්දින තරගය මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවැත්වීමට තීරණය වී තිබේ. මෙවර දෙදින තරගය බෙන්ඩික්ට් විදුහලට අයත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර, ලබන වසරේදී එය වෙස්ලි විදුහල් පිලේ ක්‍රීඩාංගණය වන කැම්බල් පිටියේදී පැවැත්වෙනු ඇත.

    ක්‍රිකට් ක්‍රීඩාව හරහා දෙවිදුහල අතර, සම්බන්ධතාව පුළුල් කර ගැනීමත්, සිසුන් අතර සුහදත්වය වර්ධනය කිරීමත් අරමුණු කරමින් ආරම්භ වන මංගල ක්‍රිකට් ගැටුමේදී වෙස්ලි විදුහල් පිල මෙහෙයවීමේ ගෞරවය තෙනුක පෙරේරාට හිමි වන අතර, කවිරු පෙරේරා බෙන්ඩික්ට් විදුහල් පිල මෙහෙයවීමට වරම් ලබා සිටි.

    මෙල්වා හෝල්ඩිංග්ස් සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මේ තරගය පිළිබඳ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. සාන්ත බෙනඩික්ට් විදුහලේ අධ්‍යක්ෂ ආචාර්ය පුබුදු රාජපක්ෂ පියතුමා, වෙස්ලි විදුහල්පති අවංක ප්‍රනාන්දු, දෙවිදුහලේ ඒකාබද්ධ තරග කමිටු සභාපතිවරුන් වන ලලිත් මඩප්පලි (සාන්ත බෙනඩික්ට්) සහ කේ. දයාපරන් (වෙස්ලි), එම කමිටුවේ ලේකම්වරුන් වන පියල් පෙරේරා (සාන්ත බෙනඩික්ට්) සහ දර්ශන ලියනගේ (වෙස්ලි) මහත්වරු සමඟ සාන්ත බෙන්ඩික්ට් ක්‍රිකට් නායක කවිරු පෙරේරා සහ වෙස්ලි ක්‍රිකට් නායක තෙනුක පෙරේරා මාධ්‍ය හමුවට එක් වූහ.

    - Advertisement -

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.