24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    සෙලින්කෝ හෙල්ත් කෙයාර් කොළඹ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් 50%ක් දක්වා වට්ටම්

    - Advertisement -

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට සෙලින්කෝ හෙල්ත් කෙයාර් සර්විසස් ලිමිටඩ් (CHSL) සමාගමට අයත් කොළඹ පිහිටි අතිනවීන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමේදී 50%ක් දක්වා වට්ටමක් ලබාදෙන බව සමාගම නිවේදනය කරයි.

    වසර තුනකට වඩා වැඩි කාලයක් සිය ජීවිත රක්ෂණ ඔප්පු සක්‍රියව පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 50% ක වට්ටම ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් අනිකුත් රක්ෂණ ඔප්පු හිමියන් 25%ක වට්ටමක් ලබාගැනීමට සුදුසුකම් ලබන බවත් සමාගම සඳහන් කරයි.

    - Advertisement -

    Varian Clinac® iX ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රය මගින් හෝ AccurayTomoHD™ ටොමෝතෙරපි විකිරණ ප්‍රතිකාර ලබාගැනීමේදී මේ වට්ටම් ලබාගනිමින් රුපියල් 400,000ක් දක්වා මුදලක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව තම රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

    සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් ලිමිටඩ් වෙතින් මේ වට්ටම් ලබාගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගමේ ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ද සුදුසුකම් ලබන බව සමාගම සඳහන් කරයි. මේ අනුව, ආසන්නතම පවුලේ සාමාජිකයන් ලෙස සලකන්නේ විවාහක රක්ෂණ ඔප්පුහිමියකුගේ බිරිය, සැමියා සහ දරුවන් හෝ අවිවාහක රක්ෂණ ඔප්පු හිමියකුගේ මවුපියන්ය.

     

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.