24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    කාන්තාව පිළිබඳ මාධ්‍ය ආකල්ප

    - Advertisement -

    සන්නිවේදනය මූලික මානව හා සමාජ ක්‍රියාවලියකි. එය සමාජයක් ඇති වීමට, පවත්වාගෙන යාමට හේතුකාරක වන මෙවලමක් වන අතරම, සමාජ සංවර්ධනයට සහ පැවැත්මට ද අත්‍යවශ්‍ය වේ. ජනමාධ්‍යවේදය මානව සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ප්‍රතිඵලයක් වන අතරම මේ වන විට එය මානව සංස්කෘතියේ හා ශිෂ්ටාචාරයේ සංයුක්ත කොටසක් ලෙස ක්‍රියාත්මක වේ. මාධ්‍යය, මුද්‍රිත හා විද්‍යුත් යන දෙයාකාරයෙන්ම වුවත්, සමාජ විපර්යකාරකයක් ලෙස නූතන ලෝකයේ ඉතා බලවත් සාධකයකි.

    කාන්තාව අර්ථ නිරූපණය කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන සංකල්පය යටතේ විග්‍රහ කළ විට ස්ත්‍රී, පුරුෂ වශයෙන් ලිංගික වෙනස්කම මත තේරුම් ගැනීමට වඩා පුද්ගලයකු ලෙස සමාජ හැසිරීම් තුළ ඇයට දෙනු ලබන තේරුම් හා අගය කිරීම් පිළිබඳව සැලකීම වඩා වැදගත් වේ.

    - Advertisement -

    විවිධ කාල පරිච්ඡේදවල විවිධ ආකාරයට ස්ත්‍රිය පිළිබඳ අදහස් වරින්වර වෙනස් වී තිබුණ ද නූතන ලෝකයේ කාන්තාවට තම කාන්තා ස්වරූපය රැකගෙන සියලුම මිනිස් අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව තිබිය යුතුය යන්න පිළිගත් මතය වී ඇත.

    කාන්තාවට සෑම අංශයකින්ම ඉදිරියට පැමිණීමට ඇති ශක්තිය තේරුම් ගෙන සමානාත්මතාවයෙන් සහ සාධාරණ අවස්ථා දීම ලෝකයේම මානව අයිතිවාසිකම් ගිවිසුම්වල ඇති දෙයකි. මෙම සමාජ වගකීම ඉටු කිරීමේදී ඉතා විශාල කාර්යභාරයක් සතුවන්නේ මාධ්‍යවලටය.

     

    - Advertisement -

     ආර්. ඩී. එම්. ටී. පී. රාජකරුණා

    ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය,

    ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.