24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    කාලයට ඉඩදෙන්න

    - Advertisement -

    එදිනෙදා ජීවිතයේදී අපිට මුහුණ දීමට සිදු වන ප්‍රශ්න බොහෝමයි. ඇතැම්විට එම ප්‍රශ්න නිර්මාණය වෙන්නේ අපේම නොසැලකිල්ල හේතුවෙන්. ආර්ථික ප්‍රශ්න, ආදරය නිසා ගොඩනැ‍ඟෙන ප්‍රශ්න, රැකියා කරන ස්ථානයේදී මුහුණ දීමට සිදු වන ප්‍රශ්න යනාදී වශයෙන් විවිධාකාර ප්‍රශ්නවලට අපිට මුහුණ දීමට සිදු වෙනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඔබ මොකද කරන්නේ? සමහරු නොකා නොබී කල්පනා කරනවා ඊළඟට මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව. පිරිමි පාර්ශ්වය නම් ප්‍රශ්නයක් වුණාම විසඳගන්න යන්නේ බාර් එකට. පොඩි අඩියක් ගහලා ටික වෙලාවකට හරි ප්‍රශ්නේ අමතක කරන්න හදනවා. සමහරු තමන්ට ලැබුණු වටිනා ජීවිතය අහිමි කර ගන්නේ ඒක තමයි ප්‍රශ්නෙට විසඳුම කියලා. ඒත් ඔවුන් කරන්නේ ප්‍රශ්නෙන් පලයාම.

    කතාවක් ති‍ෙයනවා “ප්‍රශ්නය තමාගේ නොවනතාක් කල් පිළිතුර දාර්ශනිකයි” කියලා. අනුන්ට ප්‍රශ්නයක් වුණාම ගොඩක් අය කරන්නේ දාර්ශනික කතා කියන එක. ඒක සුළුවෙන් හිතන එක, ඒත් ප්‍රශ්නයට මුහුණ දුන් කෙනා ඉන්නේ ජීවිතේ ගැන කලකිරීමෙන් වෙන්න පුළුවන්. ජීවිතයට ප්‍රශ්නයක් ආවම අපි හැමෝම කලබල වෙනවා. එහෙම වුණාම පොඩි ප්‍රශ්නයක් වුණත් ලොකුවට පේනවා. ඇත්තටම අපි මුලින් කරන්න ඕනේ කලබල වෙන එක නෙමෙයි. කලබල වෙලා විසඳුම් හොයන්න, තීරණ ගන්න බෑ කවදාවත්. මුලින් කරන්න ඕනේ ඉවසීමෙන් ප්‍රශ්නය මොකක්ද, ඇති වෙන්න හේතුව මොකක්ද කියලා අවබෝධ කරගන්න එක. ඇතැම් අය ප්‍රශ්නය හිතේ තියාගෙන දුක් විඳිනවා කියාගන්න කෙනෙක් නැතිව. ඒත් හොඳම දේ තමයි අපිට විශ්වාසවන්ත, අපිව තේරුම් ගන්න පුළුවන් පුද්ගලයකුට ප්‍රශ්නය කියලා හිත සැහැල්ලු කර ගන්න එක. එතකොට ඒ පුද්ගලයා අපේ ප්‍රශ්නය විසඳගන්න උදව් කරයි. කවුරු හරි පුද්ගලයෙක් තමන්ගේ ප්‍රශ්නය ඔබට පැවසුවහොත් ඔබ හොඳ සවන් දෙන්නකු වෙන්න. ඔහු හෝ ඇය කියන දේ ඉවසීමෙන් අසා සිටින්න. ඔබ එය කරදරයක් කියලා හිතන්න එපා. මොකද ඒ තත්ත්පරය වුණත් වටිනවා අනිත් කෙනාගේ හිත සැහැල්ලු කරගන්න. ප්‍රශ්නයක් පැමිණි විට එයින් පලා යන්න උත්සාහ කරන්න එපා. එවිට ඔබ පරාජිතයකු වේවි. ලෝකය ජයගත් මිනිස්සු ඒ තැනට පැමිණියේ ප්‍රශ්න පිට ප්‍රශ්නවලට මුහුණ දුන් නිසා. ඔවුන් ඒවා සාර්ථකව ජය ගත් නිසා. එම නිසා ඔබත් ප්‍රශ්නය අභියෝගයක් විදියට භාර අරගෙන එය විසඳාගෙන ජීවිතයේ ඉදිරියට යන්න උත්සාහ කරන්න.

    - Advertisement -

     

    මධුෂිකා ජයතිලක

    කැලණිය විශ්වවිද්‍යාලය

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.