24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    යන්න හදපු කොරෝනාවට හායි කිවුවෙ අපිම නේද…?

    - Advertisement -

    කොරෝනා වයිරසය කියන්නෙ ලේසියෙන් පරදින කෙනෙක් නම් නෙවේ. හැබැයි මිනිස්සු කියන්නෙ බොහොම ඉක්මනින් හැමදෙයක්ම වගේ අමතක වෙන ජාතියක්. මේ අවුරුද්දට දෙකට කොරෝනා වයිරසය වටා කැරකිච්ච හැමදෙයක්ම අපිට කී පාරක් නම් අමතක වුණා ද නේද..?

    ආපු දවසෙම කොරෝනා වයිරසය කිවුවෙ උඹලා පරිස්සම් වුණේ නැතිනම් අවාසිය උඹලටමයි කියලා. මහලොකු දේවල් කරන්න කිවුවෙ නෑ. වයිරසය ශරීරගත නොවෙන විදිහට සෞඛ්‍ය අංශය දුන්නු උපදෙස් පිළිපදින්න. ඒ වගේම අපෙන් ගිලිහිලා වැළලිලා යමින් තිබුණු දේශියත්වයට පණ දීලා ඒ ඖෂධවල, ඇවතුම් පැවතුම්වල ගුණය කොරෝනාවට එරෙහිව සටන් කරවලා කොහොම හරි තමන්වත් අනුන්වත් ආරක්ෂා කරගන්න තමයි කිවුවෙ.

    - Advertisement -

    ඇත්තමයි… අපි ටික ටික ඒ දේවල්වලට හුරු වුණා. නිවැරැදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න පටන්ගත්තා. අමාරුවෙන් හරි පොෂ් කියලා කියාගත්ත උදවිය දේශීයත්වයටත් හුරු වුණා. ඒ වගේම පිරිහිලා දුර්ලභ ඖෂධයක් වෙලා තිබුණ මනුස්සකමට ටිකෙන් ටික පණ දෙන්නත් මිනිස්සු අමතක කළේ නෑ. ටිකෙන් ටික කාලයත් එක්ක අපිට යන්න කියලා කොරෝනා පෙන්නපු ට්‍රැක් එකට වැටුණා. පිට පැන පැන හරි කාලයක් අපි ඒ ට්‍රැක් එකේ යනවා දැකපු කොරෝනා හිත හදාගන්න තීරණය කළා හෙමින් හෙමින් හරි අපෙන් ඈත්වෙලා යන්න. ලංකාව ඇතුළේ ඉන්න කොරෝනා ප්‍රභේද සහ කණ්ඩායම්වල හිටපු කොරෝනා ලොක්කො රහසිගත සාකච්ඡාවක් කැඳවලා මේ ගැන සාකච්ඡා කළා.

    අවසානෙ කොරෝනා සභාව තීරණය කරනවා මිනිස්සුන්ට පුංචි හරි සහනයක් දෙන්න ඕනි නිසා කොරෝනා වයිරස් කණ්ඩායම් විදිහට දවසින් දවස ලංකාව අතහැරලා යන්න. හැබැයි කොරෝනා මේ සියලුම දේ plan කළේ මිනිස්සුන්ට හොරෙන් රහසිගතව. ඒත් සාකච්ඡාව මැද්දෙන් ගිය සුළඟට මේ කතාව ඇහුණා. අනේ ඉතින් කේලම් කිය කිය යන සුළඟ මුණගැහෙන හැම මනුස්සයකුගෙම ඇඟේ වැදි වැදි ” කොරෝනා ලංකාවෙන් යන්නයි හදන්නෙ ” කියන කතාව ලංකාව පුරාම කිය කිය දිවුවා.

    ඔව්… අපිට කොහෙන්ද ඊට වඩා සතුටක්. මිනිස්සු හැමෝම හැමදේම අමතක කළා. මූණෙ තිබුණ මාස්ක් එක බෙල්ලෙනුත් පහළ සාක්කුවට වැටුණා. අත හෝදන්න තිබුණ සබන් කෑල්ල සින්ක් එක ඇතුළෙ දිය වෙවී ගියා. මීටරේ මිලිමීටරේටම බැස්සා. කොත්තමල්ලි වෙනිවැල්ගැට මල්ල පිටින්ම මුල්ලකට විසි කළා. ආහාරපාන හැමදේම වෙනස් වුණා. දේශීයත්වය හඹා ගියපු අපි ආයෙ කෘත්‍රිමත්වය සාක්කුවෙ දාගත්තා. ඇත්තටම කියනවා නම් කොරෝනා කියලා දෙයක් නැති ගාණටයි මිනිස්සු හැසිරුණේ.

    - Advertisement -

    මිනිස්සුන්ගෙ මේ හැසිරීම දැකපු ලංකාවෙන් යන්න තමන්ගෙ බඩුබාහිරාදිය පැක් කර කර හිටපු කොරෝනා උඩ ගිහින් බිම වැටුණා. මිනිස්සු කෙරෙහි කලකිරුණු කොරෝනා ආපහු හිටපු තැන්වලම නැවතුනා. ඒ විතරක් නෙමේ තමන්ගෙ වයිරස් කණ්ඩායම් ලංකාවෙ හැමතැනකටම යවලා තමන්ගෙ වර්ගයාව බෝ කිරීම ශීඝ්‍ර කළා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට එහෙ බලලා මෙහෙ බලද්දි හරිම ශීඝ්‍රයෙන් මිනිස්සු කොරෝනා වැලඳගන්න පටන් ගත්තා.

    දැන් තේරෙනවද… ? යන්න හදපු කොරෝනාවට අපේ අරපරිස්සම, වැරදි ඇවතුම් පැවතුම් , ආකල්ප මේ සියල්ලම නිසා ආපහු සැරයක් අපිම තමයි ඉන්න කිවුවෙ කියලා ….

    හැබැයි හොඳට මතක තියාගන්න. අපිට ඉක්මනින් දිනන්න ඕනෙ වුණත් කොරෝනාවට පරදින්න හදිස්සියක් නම් නෑ කියලා.

    - Advertisement -

    නුවන්ති හංසිනී උත්පලා

    සඳලංකාව

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.