24 C
Colombo
Friday, May 7, 2021
More

    Latest Posts

    අන් කවරදාටත් වඩා අද මාධ්‍යවේදීන්ගේ මැදිහත් වීම වැදගත් – ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල

    - Advertisement -

    ලොව සිව් වැනි බලවේගය ලෙස හැඳින්වෙන ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරීත්වය අන් කවරදාටත් වඩා වත්මන් ලෝක ව්‍යසනය හමුවේ අතිශය වැදගත් වනු ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    එවැනි අතිශය සමාජ වගකීමක නිරත වන ජනමාධ්‍යවේදීන්ගේ නිදහස උපරිමයෙන් අගය කරන බවද අන්තර්ජාතික මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා පවසයි.

    - Advertisement -

    වත්මන් කොවිඩ් -19 ව්‍යසනය හමුවේ අවදානම් තත්ත්වය පවා නොතකා මෙරට ජනමාධ්‍යවේදීන් සුවිශාල කාර්යභාරයක නිරත වන බවත් ඔවුන් සියලුදෙනාට ජාතියේ ප්‍රණාමය හිමි වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

    විශේෂයෙන් මෙම ව්‍යසන තත්ත්වය හමුවේ නිවැරදි තොරතුරු සපයමින් ජනතාව දැනුම්වත් කිරීමට වෙහෙසන මාධ්‍යවේදීන් ඉටුකරනුයේ ජාතික කාර්යභාරයක් යැයිද එහි උපරිම ගෞරවය ඔවුන්ට හිමි වන්නේ යැයිද රඹුක්වැල්ල මහතා පවසයි.

    නවීන තාක්ෂණය මුසු වීමත් සමඟ ජනමාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කාර්යභාරය මේ වන විට වඩාත් පුළුල් වී ඇති බවත් ඒ ඔස්සේ ජනමාධ්‍ය යන්නට ඉහළම අවධානය හිමිව ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

    - Advertisement -

    ‘සෞභාග්‍යයේ දැක්ම’ ඔස්සේ ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරයට ඉහළම වටිනාකමක් ඇතැයිද එහෙත් ගෙවුණු වකවානුව පුරා පැවැති වසංගත තත්ත්වය හේතුවෙන් ඒ සඳහා වන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේ යැයිද ඇමැතිවරයා පවසයි.

    රටත් ජනතාවත් සමාජයත් උදෙසා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරයද නිදහසද නිසි ලෙස යොදා ගන්නා ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටී.

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.